Friday, June 10, 2016



සීගිරි ලලනා වලප

සේද සළූ ඇද ගතිමි
සුවද මල් හිස ගසමි
දෑසෙ රසදුන් වලින්
රෑ රටාවන්      අදිමි

දාසියෝ            පිරිවරා
සදලු තලයෙන්     බලමි
ඉකි බිදින මව් සෙනෙහෙ
රහසේම මම      සොයමි

පුංචි ගෙපැලේ        එදා
හිමි සෙනෙහෙ ලබමිනා
දරැ දෙදෙන       පිරිවරා
ගෙවු කළ      සිහිවුණා

බත් කවන්නේ      කවුද
දොයි කරන්නේ    කවුද
මගේ පොඩි පැටවු ටික
හිමියනේ        රකිනවද

නිරිදුගේ නෙත       ගැටී
මාළිගෙට ගෙන     යද්දි
හිමි නුඹේ නෙතින් වැටි
කදුළූ මතකයි       තාම

මගෙ වරල    ගවසන්න
කැලෑ මල් නෙලාගෙන
සෙනෙහසින් දුව එන්න
අනේ මා     සනසන්න

සිනිදු සළූවකින්         වැසි
දරැවන්ගේ සෙනෙහෙ කිරි
දරැ පෙමින්     වැලපෙමින් 
වේදනා දෙයි            තාම

රස බොජුන් මට       එපා
සිනිදු සළූ පිළි          එපා
මහිමිගේ සෙවන       යට
සැනසෙන්න ඉඩ දෙන්න

රජ මැදුර සිර           ගෙයකි
හිමිගෙ පැළ සුර     ලොවකි
මව් සෙනෙහෙ මහ  මෙරකි
මට යන්න ඉඩ       දෙන්න

කුමාරි හේරත්


Thursday, June 9, 2016


වර්ථමාන සින්ඩරෙල්ලා



අම්මා සැගව ගියදා
ඉකි බිද බිද හැඩුවා
ගොම්මන් අදුරේ ගුලිවී
ඉකි බිද බිද හැඩුවා
සින්ඩරෙල්ලාගේ සිතගත්
කුමරා කොහිදැයි සිතුවා
කසී සලු පිළි හැදගෙන
ඔහු එන පෙරමග බැලුවා
ඉරැනු ඩෙනිමක් ලාගෙන
කොණ්ඩය වවාගෙන
හලෝ කියාගෙන
තරැණ කුමරෙක් ආවා
මව් රැක වරන නෑ
දෙන්න දෑවැදි නෑ
පිවිතුරැ හදවතක්
ඔබට දෙන්නම් කීවා
ඔහු ඇගේ අතගෙන
ඈ ගත සරසලා
පාට එළි විහිදන
කොලොම් පුරයට ආවා
‍මොනර කොල මිටියක්
දෑතේ ගුලිකරන්
 මං ගිහින් එන්නම්
බයි බායි කිව්වා
නුරා ගිනි අවුලන
නෙත් අතර තනිවුනු
අහිංසක සින්ඩෙරැ
ඉකි බිද බිද හැඩුවා

කුමා



Wednesday, June 8, 2016


ලංකාවේ  අධ්‍යාපනය        

අපි වසර දහතුනක් පුරාවට පාසල් ගියෙමු . දහසකුත් දුක්විද විභාග සමත් වුයෙමු. ඉන් පසු සිහිනයක් කරගත් සරසවි අධ්‍යාපනයට පිවිසියෙමු. සරසවි අධ්‍යාපනය නිමකර රජයේ රැකියාවක් අපේක්ෂාවෙන් බලා සිටියෙමු.එහිදී දේශපාලනය ඉදිරියට පැමිණි අතර උගත්කම පිටුපසට ගියේය.   උපාධි දාරීහුට උපාධිය පසෙකලා පාට පාට දේශපාලකයන් සමීපයේ පෝස්ටර් ගසන්නට සිදුවුහ. සටන්පාට කියන්නට සිදුවුහ. දේශපාලකයෝ තරගයෙන් දිනුහ. උපාධි දාරිහු දේශපාලකයන් පෙන්වු මිරිගුවට රැවටුනහ. හිතවත් පදනමි මත නුසුදුස්සෝ රැකියා ලබද්දී ඔවුහු උපාධි සහතිකය දෙස බලමින් සුසුමි ලෑහ.

ආර්ථිකය තරැණ සිත්වලට පීඩා ගෙන දුන්හ. සිය අවශ්‍යතා සපුරා ගැනීමට මුදල් අවශ්‍ය වු විට වසර ගණනාවක් අනේක විදි දුක්විද සරසවි යවා දහසකුත් බලාපොරොත්තු පොදි බැද ගත් මහලු  මවිපියන් ලග තව තවත් අසරන වෙන්නට සිදුවුහ. එහි පරතිඵලය වුයේ ලැබෙන කුමන හෝ රැකියාවක් භාර ගැනීමය. අඩු අධ්‍යාපනය ලද දේශපාලන බලය සුදුසුකමක් වු අයවලුන් සමීපයේ දනින් වැටී අඩු වැටුපකට ශරමය අලවි කිරිමට උපාධි දාරියාට සිදුවිය. 

ලංකාවෙි පවතින අධ්‍යාපන රටාවෙි සැබෑ තත්වය එය වන්නේය. මිට වසර ගණනාවකට පෙර මෙම අසාධාරන අධ්‍යාපන කරම වෙිදයට විරැද්ධව සරසවි සිසුවෝ අරගල කලහ. එහිදී පාලකයෝ ජිවිත ගෙන දඩුවමි පමුණුවා ඔවුන් මර්ධනය කළහ. ඒවාට පිලියමි ලෙස පැලැස්තර ඇලවුහ. වර්ථමානයේද එයම සිදුවන්නේය. උගත්කමට ගැලපෙන රැකියාවක් ලබා ගැනීම සිහිනයක් වී ඇති අතර  අදටද ඔවුහු පෙර පරිදිම අඩු වැටුපට ශරමය අලවිකරන්නේය.  ලාංකීය අධ්‍යාපනයේ කටුක සත්‍යය එය වන්නේය.      

කුමා                               

ඉකි බිදුම

රන් කාසි සොයන්නිය
හිරි ඔතප් බිදින්නිය
සලෙලු රලු සතන් ළග
නුරාවෙන් රගන්නිය
ගත විඩා දෙවන්නිය
සිත විඩා දෙවන්නිය
ලාබ ආදර කඩෙි
සෙනෙහෙ මිල කරන්නිය
අදුර ප්‍රිය කරන්නිය
‍‍සෝ සුසුම් හෙලන්නිය
සෙනෙහෙ පිරි  හදවතක්
සිහිනයෙන් දකින්නිය

කුමාරි හේරත්