සීගිරි ලලනා වලප
සේද සළූ ඇද ගතිමි
සුවද මල් හිස ගසමි
දෑසෙ රසදුන් වලින්
රෑ රටාවන් අදිමි
දාසියෝ පිරිවරා
සදලු තලයෙන් බලමි
ඉකි බිදින මව් සෙනෙහෙ
රහසේම මම සොයමි
පුංචි ගෙපැලේ එදා
හිමි සෙනෙහෙ ලබමිනා
දරැ දෙදෙන පිරිවරා
ගෙවු කළ සිහිවුණා
බත් කවන්නේ කවුද
දොයි කරන්නේ කවුද
මගේ පොඩි පැටවු ටික
හිමියනේ රකිනවද
නිරිදුගේ නෙත ගැටී
මාළිගෙට ගෙන යද්දි
හිමි නුඹේ නෙතින් වැටි
කදුළූ මතකයි තාම
මගෙ වරල ගවසන්න
කැලෑ මල් නෙලාගෙන
සෙනෙහසින් දුව එන්න
අනේ මා සනසන්න
සිනිදු සළූවකින් වැසි
දරැවන්ගේ සෙනෙහෙ කිරි
දරැ පෙමින් වැලපෙමින්
වේදනා දෙයි තාම
රස බොජුන් මට එපා
සිනිදු සළූ පිළි එපා
මහිමිගේ සෙවන යට
සැනසෙන්න ඉඩ දෙන්න
රජ මැදුර සිර ගෙයකි
හිමිගෙ පැළ සුර ලොවකි
මව් සෙනෙහෙ මහ මෙරකි
මට යන්න ඉඩ දෙන්න
කුමාරි හේරත්
වර්ථමාන සින්ඩරෙල්ලා
අම්මා සැගව ගියදා
ඉකි බිද බිද හැඩුවා
ගොම්මන් අදුරේ ගුලිවී
ඉකි බිද බිද හැඩුවා
සින්ඩරෙල්ලාගේ සිතගත්
කුමරා කොහිදැයි සිතුවා
කසී සලු පිළි හැදගෙන
ඔහු එන පෙරමග බැලුවා
ඉරැනු ඩෙනිමක් ලාගෙන
කොණ්ඩය වවාගෙන
හලෝ කියාගෙන
තරැණ කුමරෙක් ආවා
මව් රැක වරන නෑ
දෙන්න දෑවැදි නෑ
පිවිතුරැ හදවතක්
ඔබට දෙන්නම් කීවා
ඔහු ඇගේ අතගෙන
ඈ ගත සරසලා
පාට එළි විහිදන
කොලොම් පුරයට ආවා
මොනර කොල මිටියක්
දෑතේ ගුලිකරන්
මං ගිහින් එන්නම්
බයි බායි කිව්වා
නුරා ගිනි අවුලන
නෙත් අතර තනිවුනු
අහිංසක සින්ඩෙරැ
ඉකි බිද බිද හැඩුවා
කුමා
ලංකාවේ අධ්‍යාපනය
අපි වසර දහතුනක් පුරාවට පාසල් ගියෙමු . දහසකුත් දුක්විද විභාග සමත් වුයෙමු. ඉන් පසු සිහිනයක් කරගත් සරසවි අධ්‍යාපනයට පිවිසියෙමු. සරසවි අධ්‍යාපනය නිමකර රජයේ රැකියාවක් අපේක්ෂාවෙන් බලා සිටියෙමු.එහිදී දේශපාලනය ඉදිරියට පැමිණි අතර උගත්කම පිටුපසට ගියේය. උපාධි දාරීහුට උපාධිය පසෙකලා පාට පාට දේශපාලකයන් සමීපයේ පෝස්ටර් ගසන්නට සිදුවුහ. සටන්පාට කියන්නට සිදුවුහ. දේශපාලකයෝ තරගයෙන් දිනුහ. උපාධි දාරිහු දේශපාලකයන් පෙන්වු මිරිගුවට රැවටුනහ. හිතවත් පදනමි මත නුසුදුස්සෝ රැකියා ලබද්දී ඔවුහු උපාධි සහතිකය දෙස බලමින් සුසුමි ලෑහ.
ආර්ථිකය තරැණ සිත්වලට පීඩා ගෙන දුන්හ. සිය අවශ්‍යතා සපුරා ගැනීමට මුදල් අවශ්‍ය වු විට වසර ගණනාවක් අනේක විදි දුක්විද සරසවි යවා දහසකුත් බලාපොරොත්තු පොදි බැද ගත් මහලු මවිපියන් ලග තව තවත් අසරන වෙන්නට සිදුවුහ. එහි පරතිඵලය වුයේ ලැබෙන කුමන හෝ රැකියාවක් භාර ගැනීමය. අඩු අධ්‍යාපනය ලද දේශපාලන බලය සුදුසුකමක් වු අයවලුන් සමීපයේ දනින් වැටී අඩු වැටුපකට ශරමය අලවි කිරිමට උපාධි දාරියාට සිදුවිය.
ලංකාවෙි පවතින අධ්‍යාපන රටාවෙි සැබෑ තත්වය එය වන්නේය. මිට වසර ගණනාවකට පෙර මෙම අසාධාරන අධ්‍යාපන කරම වෙිදයට විරැද්ධව සරසවි සිසුවෝ අරගල කලහ. එහිදී පාලකයෝ ජිවිත ගෙන දඩුවමි පමුණුවා ඔවුන් මර්ධනය කළහ. ඒවාට පිලියමි ලෙස පැලැස්තර ඇලවුහ. වර්ථමානයේද එයම සිදුවන්නේය. උගත්කමට ගැලපෙන රැකියාවක් ලබා ගැනීම සිහිනයක් වී ඇති අතර අදටද ඔවුහු පෙර පරිදිම අඩු වැටුපට ශරමය අලවිකරන්නේය. ලාංකීය අධ්‍යාපනයේ කටුක සත්‍යය එය වන්නේය.
කුමා
ඉකි බිදුම
රන් කාසි සොයන්නිය
හිරි ඔතප් බිදින්නිය
සලෙලු රලු සතන් ළග
නුරාවෙන් රගන්නිය
ගත විඩා දෙවන්නිය
සිත විඩා දෙවන්නිය
ලාබ ආදර කඩෙි
සෙනෙහෙ මිල කරන්නිය
අදුර ප්‍රිය කරන්නිය
සෝ සුසුම් හෙලන්නිය
සෙනෙහෙ පිරි හදවතක්
සිහිනයෙන් දකින්නිය
කුමාරි හේරත්
සොදුරැ ලිය
පිනි පොකුරැ දග කරන
ල දලු තැනිතලාවේ
විහග ගී රජ කරන
සොදුරැ හුදකලාවේ
සීත මද නල හමන
තුරැ රගන ලතාවේ
මිහිරි සිතුවිලි ගෙනෙන
ගීත කෝකිලාවේ
සුවදවත් පද්මයෝ
විලි බරව සැගවිලා
නුඹේ සුදු මුදු වතේ
රෑ සිරිය දෙස බලා
සීත ජල දහරාවේ
රගන මින් ලංවෙලා
සුමුදු පා යුග සිඔියි
සිත් මතින් මත්වෙලා
නීල නෙත් මිණි සලා
නෙත් කැලුම් විහිදනා
මහී කත තිළිණයකි
අහිංසක රැ සොබා
කුමාරී හේරත්
fkdksñ
lúh
wl=r wl=r wuqKd
.e,mqfjñ mo
jpk jpk tl;= lr
,sõfjñ Ôú;h
fkdis;= fudfyd;l
jeiaidh wfkdard jeiaila
wl=re weuqKq fmd;
fndojqjd is;=jula f,i
wu;l jq mo
fidhñ uu ;ju;a
'''''''''''''''''''''''
l=udß fyar;a