Wednesday, June 8, 2016


ලංකාවේ  අධ්‍යාපනය        

අපි වසර දහතුනක් පුරාවට පාසල් ගියෙමු . දහසකුත් දුක්විද විභාග සමත් වුයෙමු. ඉන් පසු සිහිනයක් කරගත් සරසවි අධ්‍යාපනයට පිවිසියෙමු. සරසවි අධ්‍යාපනය නිමකර රජයේ රැකියාවක් අපේක්ෂාවෙන් බලා සිටියෙමු.එහිදී දේශපාලනය ඉදිරියට පැමිණි අතර උගත්කම පිටුපසට ගියේය.   උපාධි දාරීහුට උපාධිය පසෙකලා පාට පාට දේශපාලකයන් සමීපයේ පෝස්ටර් ගසන්නට සිදුවුහ. සටන්පාට කියන්නට සිදුවුහ. දේශපාලකයෝ තරගයෙන් දිනුහ. උපාධි දාරිහු දේශපාලකයන් පෙන්වු මිරිගුවට රැවටුනහ. හිතවත් පදනමි මත නුසුදුස්සෝ රැකියා ලබද්දී ඔවුහු උපාධි සහතිකය දෙස බලමින් සුසුමි ලෑහ.

ආර්ථිකය තරැණ සිත්වලට පීඩා ගෙන දුන්හ. සිය අවශ්‍යතා සපුරා ගැනීමට මුදල් අවශ්‍ය වු විට වසර ගණනාවක් අනේක විදි දුක්විද සරසවි යවා දහසකුත් බලාපොරොත්තු පොදි බැද ගත් මහලු  මවිපියන් ලග තව තවත් අසරන වෙන්නට සිදුවුහ. එහි පරතිඵලය වුයේ ලැබෙන කුමන හෝ රැකියාවක් භාර ගැනීමය. අඩු අධ්‍යාපනය ලද දේශපාලන බලය සුදුසුකමක් වු අයවලුන් සමීපයේ දනින් වැටී අඩු වැටුපකට ශරමය අලවි කිරිමට උපාධි දාරියාට සිදුවිය. 

ලංකාවෙි පවතින අධ්‍යාපන රටාවෙි සැබෑ තත්වය එය වන්නේය. මිට වසර ගණනාවකට පෙර මෙම අසාධාරන අධ්‍යාපන කරම වෙිදයට විරැද්ධව සරසවි සිසුවෝ අරගල කලහ. එහිදී පාලකයෝ ජිවිත ගෙන දඩුවමි පමුණුවා ඔවුන් මර්ධනය කළහ. ඒවාට පිලියමි ලෙස පැලැස්තර ඇලවුහ. වර්ථමානයේද එයම සිදුවන්නේය. උගත්කමට ගැලපෙන රැකියාවක් ලබා ගැනීම සිහිනයක් වී ඇති අතර  අදටද ඔවුහු පෙර පරිදිම අඩු වැටුපට ශරමය අලවිකරන්නේය.  ලාංකීය අධ්‍යාපනයේ කටුක සත්‍යය එය වන්නේය.      

කුමා                               

No comments:

Post a Comment