සීගිරි ලලනා වලප
සේද සළූ ඇද ගතිමි
සුවද මල් හිස ගසමි
දෑසෙ රසදුන් වලින්
රෑ රටාවන් අදිමි
දාසියෝ පිරිවරා
සදලු තලයෙන් බලමි
ඉකි බිදින මව් සෙනෙහෙ
රහසේම මම සොයමි
පුංචි ගෙපැලේ එදා
හිමි සෙනෙහෙ ලබමිනා
දරැ දෙදෙන පිරිවරා
ගෙවු කළ සිහිවුණා
බත් කවන්නේ කවුද
දොයි කරන්නේ කවුද
මගේ පොඩි පැටවු ටික
හිමියනේ රකිනවද
නිරිදුගේ නෙත ගැටී
මාළිගෙට ගෙන යද්දි
හිමි නුඹේ නෙතින් වැටි
කදුළූ මතකයි තාම
මගෙ වරල ගවසන්න
කැලෑ මල් නෙලාගෙන
සෙනෙහසින් දුව එන්න
අනේ මා සනසන්න
සිනිදු සළූවකින් වැසි
දරැවන්ගේ සෙනෙහෙ කිරි
දරැ පෙමින් වැලපෙමින්
වේදනා දෙයි තාම
රස බොජුන් මට එපා
සිනිදු සළූ පිළි එපා
මහිමිගේ සෙවන යට
සැනසෙන්න ඉඩ දෙන්න
රජ මැදුර සිර ගෙයකි
හිමිගෙ පැළ සුර ලොවකි
මව් සෙනෙහෙ මහ මෙරකි
මට යන්න ඉඩ දෙන්න
කුමාරි හේරත්
No comments:
Post a Comment