Thursday, June 9, 2016


වර්ථමාන සින්ඩරෙල්ලා



අම්මා සැගව ගියදා
ඉකි බිද බිද හැඩුවා
ගොම්මන් අදුරේ ගුලිවී
ඉකි බිද බිද හැඩුවා
සින්ඩරෙල්ලාගේ සිතගත්
කුමරා කොහිදැයි සිතුවා
කසී සලු පිළි හැදගෙන
ඔහු එන පෙරමග බැලුවා
ඉරැනු ඩෙනිමක් ලාගෙන
කොණ්ඩය වවාගෙන
හලෝ කියාගෙන
තරැණ කුමරෙක් ආවා
මව් රැක වරන නෑ
දෙන්න දෑවැදි නෑ
පිවිතුරැ හදවතක්
ඔබට දෙන්නම් කීවා
ඔහු ඇගේ අතගෙන
ඈ ගත සරසලා
පාට එළි විහිදන
කොලොම් පුරයට ආවා
‍මොනර කොල මිටියක්
දෑතේ ගුලිකරන්
 මං ගිහින් එන්නම්
බයි බායි කිව්වා
නුරා ගිනි අවුලන
නෙත් අතර තනිවුනු
අහිංසක සින්ඩෙරැ
ඉකි බිද බිද හැඩුවා

කුමා



No comments:

Post a Comment