Wednesday, June 8, 2016





















              
සොදුරැ ලිය

පිනි පොකුරැ දග කරන
ල දලු තැනිතලාවේ
විහග ගී රජ කරන
සොදුරැ හුදකලාවේ
සීත මද නල හමන
තුරැ රගන ලතාවේ
මිහිරි සිතුවිලි ගෙනෙන
ගීත කෝකිලාවේ
සුවදවත් පද්මයෝ
විලි බරව සැගවිලා
නුඹේ සුදු මුදු වතේ
රෑ සිරිය දෙස බලා
සීත ජල දහරාවේ 
රගන මින් ලංවෙලා
සුමුදු පා යුග සිඔියි
සිත් මතින් මත්වෙලා
නීල නෙත් මිණි සලා
නෙත් කැලුම් විහිදනා
මහී කත තිළිණයකි
අහිංසක රැ සොබා

කුමාරී හේරත්

No comments:

Post a Comment