Thursday, September 12, 2019

ලංකාදිපයට ලියු ලිපි


මැතිව් පීරිස් අත්අඩංගුවට ගැනීම එදා ජන මාධ්‍යයට වාර්තා වුණේ​ මෙහෙමයි
By කතෘ මණ්ඩලය // 2019 ජන 06 වන ඉරිදා  Facebook  Twitter  Google+
බැලුවෝ - 1504

එදා රට හෙල්ලූ මැතිව් පීරිස් දේවගැතිවරයාගේ කතාව-5
Description: http://static.lankadeepa.lk/assets/uploads/image_f94fbb4d04.jpg

මැතිව් පීරිස් දේවගැතිවරයා සම්බන්ධ ඝාතන සිදුවීම් දෙකේ මරණ පරීක්ෂණ වාර්තා කළ මාධ්‍යවේදියකු ලෙස නෝමන් පිළිහවඩනයන් හඳුන්වා දිය හැකිය.   
මීනීමැරූම් බහුලව සිදු නොවු යුගයක සිදු වු රසල් සහ ඉයුනීස් ඝාතනය පිළිබඳව තොරතුරු වාර්තා කළ නෝමන් පළිහවඩන එම සිදුවීම් වාර්තා කළ හැටි මෙසේ ගෙන හැර පෑවේය. 

1979
කාලේ මම නිදහස් මාධ්‍යවේදීයෙකු ලෙසයි කටයුතු කළේ. ඒ කාලේ හිටපු ප්‍රවීණ මාධ්‍ය​ෙව්දියකු වූයේ හැරී උබේසේන මහත්තයා. 1979 මාර්තු 24 දා සෙනසුරාදා දවසකි. මට හැරී මහත්තයා කතා කරා.   

නෝමන් මල්ලි ඔයා කොහොම හරි මරණ පරීක්ෂණ උසාවියට යන්න. මිස් කර ගන්න එපා. හොඳ හොඳ සිද්ධි වර්තා වෙනවා. අවධානයෙන් ඉන්න ඔහු පැවසුවා. 
මම උදේම මරණ පරීක්ෂණ උසාවියට ගියා. එදා ලංකාදීපයේ විශාඛා සිරිවර්ධන, ඉංග්‍රීසි පුවත් පතක මාධ්‍යවේදිනියක වු රුවනී විජේදාස, දවස පත්තරේ ඉන්ද්‍රාණි ​ෙෆාන්සේකා ලේක් හවුස් පත්තර කණ්ඩායමෙන් මම සහභාගී වුණා. ඒ කාලේ මරණ පරීක්ෂණ උසාවියට විවිධ වාර්තා එනවා. හැම මාධ්‍යවේදියෙකුගෙම තිඹිරිගෙය හා තෝතැන්න එයයි. 
ඒ නිසා අපි කවදාවත් මරණ පරික්ෂණ උසාවිය මඟ හරින්නේ නෑ. එදා වෝල්ටර් ඩී. පෙරේරා මහත්තයා මරණ පරීක්ෂණය පැවැත්වුවා. එතන සුදු ​ලෝගුවක් දා ගත්ත පියතුමෙක් හිටියා.   

කවුද ඒ කියලා මම සාජන් නානායක්කාරගෙන් ඇහුවා.   

ඒ වෙලාවේ එයා කිව්වා. මේ පියතුමා එයාගේ නෝනාගේ මරණයට සැක කරනවා කියලා. අද එයාගෙන් කට උත්තර ගනියි කියලත් ඔහු කිව්වා. 

මෙය මට වටින කතාවක්. ඒ වගේම අනිත් මාධ්‍ය වාර්තාකරුවොත් ඊට අවධානය යොමු කළා.   

මරණ පරීක්ෂණය ආරම්භ කළා. තොරතුරු එකින්එක අනාවරණය කළා. අවසානයේ මට ඇහුණා අපේ වාර්තාකාරිණියෝ ටික කතා වෙනවා. ඉරිදා ඇවිල්ලා සඳුදා පත්තරේට ලියමු කියලා. මම ඒකට මුකුත් කිව්වේ නෑ. ඇහුණේ නෑ වගේ හිටියා. මම කෙලින්ම ගියේ ලේක් හවුස් එකට. එදා ලේක් හවුස් එකේ එඩ්මන්ඩ් රණසිංහ මහත්තයා හිටියා. ඒ වගේම උපකතෘ වූ ගාමිණී සුමනසේකර මහත්තයා හිටියා.   

Description: http://static.lankadeepa.lk/assets/uploads/image_2f192d462e.jpg
රණසිංහ මහත්තයා මම ගෙන ආව විස්තර බැලුවා. අයිසේ මේක හොඳ කතාවක්. වහාම පත්තරේ මැෂිම නවත්තලා මේක ​ෙකාළඹ මුද්‍රණයට ලීඩ් කරලා ගහමු කිව්වා. ඒ කිව්ව විදියටම එය කොළඹ මුද්‍රණයට ගැහුවා. පහුවදා බලන කොට එක පත්තරයක වත් ඒ කතාව ගිහින් තිබු​ෙණ් නෑ.   

හැබැයි ඔබ්සර්වර් එකේ පණ්ඩුක සේනානායක පොඩි විස්තරයක් දාලා තිබුණා. පහුවදා අනිත් පත්තරවල කෙල්ලෝ මට දොස් කිව්වා. ඒ අය කිව්වා ඔයා කරපු දේ නිසා අපිට බැණුම් අහන්න වුණා කියලා.   

මම ඒ අයට එදා කිව්වා වටිනා ප්‍රවෘත්තියක් ගෙදර අරන් යන සිරිතක් නෑනේ කියලා.   

මේ පුවත මහත් ආන්දෝලනයක් වුණා. පහුවදා එය දිණමිණ පත්තරෙත් ගියා. ඒකට හෙඩිම දැම්මේ සිරි රණසිංහ මහත්තයා. මේක පළ වුණාට පස්සේ හැරී උබේසේන මහත්තයා මට කිව්වා, මල්ලී මේක හරි උනන්දුවෙන් කරලා තියෙනවා. දැන් ඔයා දිගමට මේ කතාව ෆලෝ අප් කරන්න. (ලුහු බඳින්න) කියලා.මම මාධ්‍ය කලාවට ආවට ෆලෝ අප් කියන වචනය ඉගෙන ගත්තේ එදායි. ඒ වගේම එදා ඔහු මට කිව්වේ හැබැයි අතේ රෝල් නම් ලියන්න එපා කියලා.   

මම ඒ අවවාදය පිළිගත්තා. මාත් සමග දවසින් ප්‍රේමලාල් විජේරත්න, ලංකාදීපෙන් ප්‍රේම කුමාර රාජපක්ෂ තරගයට ලියන්න පටන් ගත්තා. එක්කෙනෙක් වත් ප්‍රවෘත්ති මඟ අරින්නේ නෑ. උදේ ඉඳලා රෑ වෙනකම්ම පොලිසියේ උසස් නිලධාරීන්ට කතා කරමින් අලුත් පුවත් පිළිබඳ විමසමින් අවධානයෙන් හිටියා.   

නියෝජ්‍ය පොලිස්පති ආර්. සුන්දරලිංගම් මහතා ඒ කාලේ මට උදව් කළා. ඔහු බොහොම හොඳයි. ඒ වගේම පොලිස් කොමසාරිස් වාමදේවන්, පොලිස් අධිකාරි හේමා වීරසිංහ වැනි මහත්වරු මිනීමැරූම් පිළිබඳ පරීක්ෂණ කටයුතුවල නිරත වුණා. මමත් එක අවස්ථාවක් වත් මඟ අරින්නේ නැතිව වාර්තා කළා. ඔවුන් සම්බන්ධ කරගෙන අලුත් තොරතුරු සොයා ගත්තා. සමහර අවස්ථා වල ආරක්ෂක හේතු මත තොරතුරු නොදුන් අවස්ථාත් තිබුණා.   

එ් වගේ වාතාවරණයක කොයි වෙලේක හෝ මැතිව් පීරිස් දේවගැතිවරයා අත්අඩංගුවට ගනියි කියලා මට සැක හිතුණා.   

මමයි ලේක් හවුස් එකේ ඩී.බී. ලියන​ෙග්යි දේවගැතිවරයා සිටි පල්ලියට ගියා. හවස් වෙන කම්ම පල්ලිය අසල රැඳී සිටියා. දවස් කීපයක්ම ඒ ආකාරයට බලා සිටියා. පොලිසියේ අය අපිව අඳුරන්නේ නෑ.   

ඒත් අපි පොලිසියේ අය අඳුරගෙන තිබුණා.   

එක දවසක් හැන්දෑවරුවේ පොලිසිය පල්ලියට ඇවිත් දේවගැතිවරයා අත්අංගුවට ගත්තා. අපේ කැපවීම සාර්ථක වුණා. අපි කෙළින්ම කන්තෝරුවට ගිහින් ඒ කතාව ලිව්වා. අපි පැපරාසි මාධ්‍ය ක්‍රමයට හුරු වුණේ මේ රහස් පරීක්ෂණ ක්‍රමවේදය නිසායි.   

එ් වගේම දෙන්නැති ප්‍රවෘත්තියක් කොහොමද ගන්නේ කියන එක ප්‍රගුණ පුහුණු ක​ෙළත් මේ පරීක්ෂණ ක්‍රියාවලිය නිසයි. ඒකට එක උදාහරණයක් මම කියන්නම්. ඩැල්රින් ඉන්ග්‍රම් අත්අඩංගුවට ගැනීම පිළිබඳවත් අපි හොඳ සෝදිසියෙන් හිටියේ. ඒ අනුව අපිට ඒ පිළිබඳ නිල නොවන ආරංචියක් ආවා. එහි සත්‍යතාව දැන ගත යුතුයි. අපි ඇය සේවය කරන ස්ථානය සොයාගෙන තිබුණා.   

අැය සේවය කළේ යුනියන් ප්ලේස් එකේ. මමයි ඩී.බී. ලියනගේයි එම ස්ථානයට ගියා. එහි නිලධාරියෙකු ගෙන් ඇහුවා අපේ අක්කා පොලිසිය අත්අඩංගුවට ගත්තා නේද කියලා. එම නිලධාරියා හිතුවේ මම ඩැල්රින්ගේ මල්ලි කෙනෙක් කියලා.   

Description: http://static.lankadeepa.lk/assets/uploads/image_7b63767e19.jpg
අනේ පුතේ කලබල වෙන්න එපා. මේ දැන් කොළඹ ග්‍රෙගරි පාරේ. පොලිසියෙන් ඇවිල්ලා (අපරාධ මූලස්ථානයෙන්) ප්‍රශ්න කරන්න අරගෙන ගියා. පුතා බය වෙන්න එපා. එම නිලධාරියා කීවා. අපි ඒ ආකාරයට තොරතුරු ලබාගෙන ග්‍රෙගරි පාරට ගියා. පැයක් යන්න ඉස්සෙල්ලා අනිත් කැමරාමන්ලා ටිකත් ආවා. හැන්දෑවේ තුනේ ඉඳලා හවස හය වෙනකම්ම ඩැල්රින් එළියට එනතුරු එතන රැඳී සිටියා.   

​ෙපාලිසිය අපිව මුළා කරන්න පොලිස් කාන්තාවකට සාරියක් අන්දවලා මුලින් රැගෙන ගියා. අපි පොලිස් උපක්‍රම පිළිබඳ අවධානයෙන් හිටියේ. ඒ නිසා අපි ඊට රුවටුණේ නෑ. 
අපේ එක කැමරාමන් කෙනෙකු වු ජයන්ත දිවිසේකර ඉදිරිපස පැත්තේ බලා සිටියා.   

අපේ අනිත් කැමරමන් වූ රාජා පෙරේරා පිටුපස ප්‍රදේශයේ බලා සිටියා. කොහොම හරි රාජා පෙරේරාගේ කැමරාවෙන් බේරී ඇයට යා නොහැකි වුණා.   

තව දවසක් මහ රෑක මැතිව් පීරිස් දේවගැතිතුමාගෙන් පොලිසිය ප්‍රශ්න කළා. ඒ දවසෙදි අපේ කැමරමන්ලා ගහක් උඩ නැගලා ඔහු එනතුරු බලා සිටියා. පූජකතුමාගේ හෙවණැල්ල බිත්තියට වැටී තිබුණා. ඔහුගේ පැහැදිලි පින්තූරයක් ගත නොහැකි වුවත් බිත්තියට වැටුණු හෙවණැල්ල පින්තුර ගත්තා. ඒ වගේ විවිධ ක්‍රම භාවිතා කරලා තොරතුරු ලබා ගත්තා.   

තවත් දවසක රසල් ඉන්ග්‍රම්ගේ මළ සිරුර ගොඩ ගැනීම සිදු වුණා. එය සිදු කළේ හිමිදිරියක. බොරැල්ල කනත්ත මීදුමෙන් වැහිලා තිබුණේ. අපි මිනිය ගොඩ ගන්නකම් එහි සෑ​ෙහන වේලාවක් රැඳී සිටියා. ඒ තරම් ඇප කැප වෙලා තමයි අපි මේ සිදුවීම් පිළිබඳ තොරතුරු හොයාගෙන පුවත් පත්වල ලිපි පළ කළේ.   

මේ ප්‍රවෘත්ති බලන්න රටේ විශාල උනන්දුවක් ඇති වෙලා තිබුණා.   

එ් නිසා අපේ නම් ඉබේම පාඨකයන්ට හුරු වුණා.   

එදා ඒ ආපු ගැම්ම තාමත් අපි අතර තිබෙනවා. ප්‍රවෘත්ති වාර්තාකරණයේදී මේ වගේ කැප වීමත් තියෙන්න ඕනැ. බොරු නොලියා කැපවීමෙන් කටයුතු කිරීම තමයි නිවැරදි මාධ්‍යවේදියා කියන්නේ.   



සටහන කුමාරි හේරත්
ප්‍රේමයෙන් අන්ධ වී මිනීමැරූ දේවගැතිට මරණ දඬුවම
By කතෘ මණ්ඩලය // 2018 දෙසැ 31 වන සඳුදා  Facebook  Twitter  Google+
බැලුවෝ - 2157

එදා රට හෙල්ලූ මැතිව් පිරිස් 
දේවගැතිවරයාගේ කතාව-4
Description: http://static.lankadeepa.lk/assets/uploads/image_8e0a1c0dff.jpg
මැතිව් පීරිස්


ඉයුනිස් පීරිස් මහත්මියගේ සහ රසල්ගේ අකල් මරණ පිළිබඳව වෛද්‍යවරුන්ට ඇති වූ සැක සංකා අවසන් වූයේ පොලිසියට මේ බව දැනුම් දීමෙනි. ඊට හේතු වූයේ දෙදෙනාගේම රුධිරයේ සීනි අවසාන්ද්‍රණය වී පසුව නිව්මෝනියාව වැලදී මිය යාමය.   

මේ අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ විය.   

සාමාන්‍යයෙන් මිනීමැරුම් හා අපරාධ පිළිබඳ විමර්ශන සිදු කරනුයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. එහෙත් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම භාරවූයේ පොලිසිය යටතේ ඇති අපරාධ විමර්ශන අංශයටය. 

පොලිස් අධිකාරී ටිරල් ගුණතිලක මහතා යටතේ සියලු පරීක්ෂණ කටයුතු මෙහෙයවුණු අතර ඒ සඳහා පොලිස් අධිකාරි හේමා වීරසිංහ, පොලිස් පරීක්ෂක කෲස් ආදි පිරිස වහා ක්‍රියාකාරී වූහ.   

මෙම පොලිස් නිලධාරීහු ප්‍රථමයෙන් වෛද්‍යවරුන් හෙදියන් සහ බාහිර පුද්ගලයන්ගෙන් කටඋත්තර ලබාගත් අතර පසුව පූජක නිල නිවස පරීක්ෂාවට ලක් කළෝය.   

එහිදී රුධිරයේ සීනි පාලනය සඳහා ලබාදෙන බෙහෙත් පෙති විශාල ප්‍රමාණයක් සහ රුධිරගත සීනි පාලනය සම්බන්ධව ලියැවුණු පොතක් ඔවුනට සොයාගත හැකි විය. 

පසුව රසල් ඉන්ග්‍රම්ගේ මිනිය ගොඩ ගැනීම සඳහා පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළේය. එය අනුමත වූ අතර දේහය ගොඩගැනුණි. දේහයේ අභ්‍යන්තර කොටස් පරීක්ෂාවට ලක් කෙරුණ ද ඉන් වැදගත් තොරතුරු අනාවරණය කරගත නොහැකි විය. හේතුව ඔහුගේ සිරුර එම්බාම් කිරීමේ දී සිරුරේ අභ්‍යන්තර කොටස් සියල්ල ඉවත්කර තිබීමය.   

යළිත් පොලිසිය දේවගැතිවරයාගේ නිල නිවස සෝදිසි කළ අතර එහිදී ලැබුණු අලුත් සාක්ෂි පොලිස් භාරයට ගැනිණ. මැතිව් දේවගැතිවරයා සහ ඩැල්රින්ගේ හමුවීම් පිළිබඳවත් අවධානයෙන් ඔවුහු කටයුතු කළහ. ඒ අනුව ඔවුන් හමුවූ ස්ථානවලට සිවිල් ඇඳුමින් ගිය පොලිස් නිලධාරීහු ඉන්ද තොරතුරු රාශියක් අනාවරණය කර ගත්හ.   

මෙම තොරතුරු වාර්තාවක් ලෙස සැකසූ පොලිස් අධිකාරි ටිරල් ගුණතිලක එය පොලිස්පති ආනා සෙනවිරත්නට යොමු කළේය.   

ඒ අනුව පොලිස් කොමසාරිස් වාමදේවන් වාර්තාවේ තිබු සාක්ෂි දේව ගැතිවරයා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් බව දැනුම් දුන්නේය. ඒ අනුව මැයි 25 වැනි සිකුරාදා පොලිස් කණ්ඩායම දේවගැති නිවසට ගියේය. ඔහු සතු වූ පොතපත පොලිස් භාරයට ගත් අතර දේවගැතිවරයා කොළඹ අපරාධ මූලස්ථානයට රැගෙනවිත් ප්‍රශ්න කිරීම ආරම්භ කෙරිණ. 
එද‌ා පුවත්පත් මේ පිළිබඳව වාර්තා කළේ මෙලෙසය.   

1979
මැයි 26 සෙනසුරාදා දිනමිණ පුවත්පතට නෝමන් පළිහවඩන මහතා වාර්තා කළ පුවත මෙසේය.   

මැතිව් පීරිස් දේවගැති අත්අඩංගුවට ගනී’’   

ලොයිස් පීරිස් මහත්මියගේ සහ රසල් ඉන්ග්‍රම් මහතාගේ මරණ සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් පිරිසක් විසින් සති කීපයක් තිස්සේ කරගෙන ගිය පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් මියගිය ලොයිස් පීරිස් මහත්මියගේ සැමියා වන බොරැල්ලේ ශාන්ත පාවුළු දෙව්මැදුරේ පාලකව සිටි මැතිව් පීරිස් දේවගැතිවරයා පොලිස් කොමසාරිස් ඇස්.වාමදේවන් මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ අත්අඩංගුවට ගන්නා ලදි.   
Description: http://static.lankadeepa.lk/assets/uploads/image_407d71e39f.jpg
වැඩිදුරටත් එම ලිපියේ මෙසේ දක්වා තිබිණි.   

කොළඹ අපරාධ විමර්ශන අංශයේ සහ නාගරික මිනීමැරුම් විමර්ශන අංශයේ නිලධාරීන් මාස දෙකක පමණ කාලයක් තොරතුරු සෙවීම සඳහා කැපවී කටයුතු කළ බවත් වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ සාක්ෂි සටහන් කරගත් බවත් සඳහන් විය.   

විශේෂයෙන්ම ලොයිඩ් පීරිස් මහත්මියගේ මරණය පිළිබඳව මාර්තු 24 වැනි දින කොළඹ මහ රෝහලේ පැවති මරණ පරීක්ෂණයේ දී ඇගේ දියණියක වන මිහිරි වික්‍රමසිංහ සාක්ෂි දී තිබිණ.   

එම සාක්ෂියෙහි තම මව මියගොස් තිබුණේ ඇය ජීවත්ව සිටි දේවගැති නිවසේ කොටසක විසූ රසල් ඉන්ග්‍රම් මියගිය ආකාරයටම බවත් රසල් ඉන්ග්‍රම් දින ගණනාවක් සිහි නැතිව සිටියා සේ සිය මවත් දින ගණනාවක් සිහි නැතිව සිටි බවත් එසේ සිහි නොලබාම කොළඹ මහ රෝහලේදී මියගිය බවත් මේ හේතුන් නිසා මරණ පිළිබඳව ඇයට සැක සිතුණ බවත් එම වාර්තාවේ සඳහන් විය.   

මෙම සාක්ෂි මත ලොයිස් පීරිස් මහත්මියගේ මරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන ලෙස නාගරික හදිසි මරණ පරීක්ෂක වෝල්ටර් ඩී.පෙරේරා මහතා පොලිසියට දැනුම්දුන් අතර මරණය පිළිබඳව විවෘත තීන්දුවක් දී තිබිණි.   

කොළඹ සහකාර පොලිස් අධිකරණ වෛද්‍ය නිලධාරි ගාමිණී වීරසිංහ, නාගරික මිනීමැරුම් විමර්ශන අංශයේ පොලිස් ස්ථානාධිපති ලැම්බට් පෙරේරා ඇතුළු පොලිස් කණ්ඩායමක් මරණය පිළිබඳ පරීක්ෂණ පවත්වද්දී රසල්ගේ මළසිරුර ගොඩ ගැනීම සිදු වූ අතර සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණය සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් රජයේ රස පරීක්ෂකවරයාට යවා තිබේ. එහි පරීක්ෂණ වාර්තාව නීතිපතිවරයාටත් ලබාදුන් බව එද‌ා දිනමිණ වාර්තා කළාය.   

1979
මැයි 25 වන සඳුද‌ා දිනමිණ මාධ්‍යවේදී නෝමන් පළිහවඩන විසින් වාර්තා කළේ මැතිව් පීරිස් පුවත දියණියන්ට දන්වති’’ යන ශිර්ෂයෙනි.   

එහිදී මරණ දෙකකට සැකපිට රිමාන්ඩ් භාරයට ගත් දේවගැතිවරයා පිළිබඳ පුවත එසේ සිය දියනියන්ට දැන්වීමත් ඊට මූලිකම හේතුව ඉයුනිස් මහත්මියගේ දියණියක වූ මිහිරි වික්‍රමසිංහ විසින් මවගේ මරණය සැකසහිත බවට කළ පැමිණිල්ල බවත් ලිපියේ සඳහන් විය.   

එසේම 26 වන සෙනසුරාද‌ා අලුයම 5.30 ට පමණ සැකකාර දේවගැතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස්ලි අබේසේකර මහතාට ඉදිරිපත් කළ බවත් එහිදී ඔහු සිනාමුසුව හා සුහදශිලීව කටයුතු කළ බවත් පුවත්පත් ඡායාරූප ශිල්පීන්ට ද සුහද සිනාවකින් සංග්‍රහකර ඡායාරූප ගැනීමට ඉඩ දුන් බවත් පොලිසිය සඳහන් කර තිබුණි.   

පසුව පොලිසිය විසින් දේවගැතිවරයා මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අතර එහිදී ඔහු ජුනි 9 තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග ලැබිණ. අනතුරුව බන්ධනාගාර බස් රියට නැගුණු දේවගැතිවරයා අවට සිටි ජනතාවට සුහදශීලී සිනාවක් පා අත වනමින් ගමන්ගෙන ඇත. 

පොලිස් පරීක්ෂණවලින් පසු දේවගැතිවරයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ අතර මීළඟට පොලිසියේ අවධානය යොමු වූයේ ඩැල්රින් ඉන්ග්‍රම් දෙසටය.   

1979
මැයි 29 අඟහරුවාද‌ා දිනමිණ පුවත්පතේ මුල් පිටුවේ නෝමන් පළිහවඩනගේ වාර්තාවේ මෙසේ දැක්විණ.   

‘‘
ඩැල්රින් ඉන්ග්‍රම්ගෙන් පැය 8 1/2 ක් ප්‍රශ්න කරති’’   

ලොයිස් පීරිස් මහත්මියගේ සහ රසල් ඉන්ග්‍රම් මහතාගේ මරණ පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලිසිය ඊයේ ඩැල්රින් ඉන්ග්‍රම් මහත්මියගෙන් පැය අටහමාරක් පමණ කාලයක් තිස්සේ ප්‍රශ්න කළේය.   

ඊයේ උදේ පොලිස් නිලධාරීහු පිරිසක් ඉන්ග්‍රම් මහත්මිය රැකියාව කරන පෞද්ගලික ආයතනයට ගොස් ඇය කොළඹ අපරාධ විමර්ශන මූලස්ථානයට කැඳවාගෙන පැමිණ උදේ 10.30 සිට රාත්‍රි 7.00 දක්වා ඇයගෙන් ප්‍රශ්න කළහ.   

ඇගේ සාක්ෂි සටහන් කරන ලද්දේ කොළඹ සහකාර පොලිස් අධිකාරි හේමා වීරසිංහ මහතා විසිනි.   

මැතිව් පීරිස් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටිය දී ඩැලරින්ගෙන් ප්‍රශ්න කිරීම සිදු වූ අතර 1979 ජුනි 13 බද‌ාදා දිනමිණට වාර්තා කර තිබුණේ මෙසේය.   

මැතිව් පිරිස්ගෙන් ප්‍රකාශයක් ගන්න පොලිසියට අවසර’’   

දැනට රිමාන්ඩ් භාරයේ සිටින මැතිව් පීරිස් දේවගැති තුමාගෙන් ප්‍රකාශයක් සටහන්කර ගැනීමට ඉඩදෙන ලෙසට මරදාන පොලිසිය මගින් කරන ලද ඉල්ලීමකට මාළිගාකන්ද මහේස්ත්‍රාත් ජෝර්ජ් පෙරේරා මහතා ඊයේ අවසර දුන්නේය.   

ඊට හේතුව මියගිය රසල් ඉන්ග්‍රම්ගේ සොහොයුරෙකු වූ ස්ටුවඩ් ද සිල්වා 1978 අගෝස්තු 10 වැනි දින මැතිව් පීරිස් දේවගැතිවරයාට තර්ජනය කළ බව පවසමින් මරදාන පොලිසියට කළ පැමිණිල්ලය. එය විභාග කිරීම සඳහා මැතිව්ගේ ප්‍රකාශයක් පොලිසියට අවශ්‍ය වී තිබිණි.   

එම පැමිණිල්ල සම්බන්ධ වූ කතාව මෙසේය. ස්ටුවඩ් ද සිල්වා රසල්ගේ මළගමට පැමිණියේ අවසන් ගෞරව දැක්වීමටය. එහිදි ඔහු දේවගැතිවරයාගෙන් රසල්ගේ සිරුර අතුරුගිරියට රැගෙන ගොස් අවසන් කටයුතු කිරීමට ඉල්ලීමක් කළේය. ඊට දේවගැතිවරයා අකමැත්ත පළ කළේය.   

Description: http://static.lankadeepa.lk/assets/uploads/image_ad979ded31.jpg
ස්ටුවඩ් නැවත නැවතත් එම ඉල්ලීම කළේය. ඔහු එම ඉල්ලීම කරන ලද්දේ තරුණ පුතු අකලට මියයාම නිසා කම්පාවෙන් පසු වූ රසල්ගේ මව්පියන්ට ඔවුන් සිතැඟි සේ රසල්ගේ අවසන් කටයුතු කිරීමට අවස්ථාව දීම උදෙසාය. එවිට දේවගැතිවරයා ප්‍රකෝපකාර වූවේය. ස්ටුවඩ්ට අකාරුණික ලෙස දොස් නගන්නට විය. රසල්ගේ බිරිය වූ ඩැල්රින් හා දේවගැතිවරයා අතර අයථා සම්බන්ධයක් පැවති බවට තිබුණ කටකතාද එහෙන් මෙහෙන් මතුව ආ අතර ස්ටුවඩ් ද දේවගැතිවරයාගේ හැසිරීම විවේචනය කළේය. 
දරු දුකෙන් මුසපත්ව සිටි රසල්ගේ මව්පියෝද මගේ පුතා මරාගත්තායනුවෙන් විලාප තබන්නට වූහ. පැමිණ සිටින ඥාතීහු ද උණුසුම් වූහ. දේවස්ථානය තුළ යම්කිසි ප්‍රශ්නයක් ඇතිවෙතැයි සිතු දේවගැතිවරයා ක්ෂණිකව ක්‍රියාත්මක විය.  

ඒ අනුව මරදාන පොලිසියට දුරකථනයෙන් ආමන්ත්‍රණය කළ ඔහු පොලිසිය ගෙන්වා ගත්තේය. ස්ටුවඩ් එම ස්ථානයේ ප්‍රකෝපකාරි ලෙස හැසිරි කලබල කරන බවට චෝදනා කළේය. ඩැල්රින් ද පවසා සිටියේ ස්ටුවඩ් දේවගැතිවරයාට තර්ජනය කරමින් අයහපත් ලෙස හැසිරුණු බවය. පොලිසිය පැමිණිල්ල සටහන් කර ගත්තේය. ඉන් නොනැවතුණු දේවගැතිවරයා ඔහුගේ බලය පාවිච්චි කර ස්ටුවඩ්ට විරුද්ධව නෛතිකමය කටයුතුවලට ද මුල පිරුවේය.  

දේවගැතිවරයා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටිය දී කටඋත්තරයක් ගැනීම සඳහා පොලිසිය පැමිණියේ ඉහත කී කාරණාව උදෙසාය.  

දිනමිණ වාර්තාවට අනුව රසල් ඉන්ග්‍රම්ගේ බිරිඳ වූ ඩැල්රින් ඉන්ග්‍රම් පැමිණිල්ලේ සාක්ෂිකාරියක ලෙස උසාවියේ පෙනී සිටියාය. එහිදි මහේස්ත්‍රාත්වරයා විසින් නඩු විභාගය අගෝස්තු 31 ට කල් දමා ඇත.   

1979
ජුනි 23 සෙනසුරාදා දිනමිණ පුවත්පතේ වාර්තා කර තිබුණේත් මැතිව් පීරිස් දේවගැති වරයා තවදුරටත් රිමාන්ඩ්යනුවෙනි.  

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස්ලි අබේසේකර මහතා ජුලි මස 03 දක්වා දේවගැතිවරයා රිමාන්ඩ් කිරීමට නියෝග දී තිබුණේ මරණ පිළිබද පරීක්ෂණ අවසන් කර නොමැති බව මිනීමැරුම් විමර්ශන අංශයේ පොලිස් ස්ථානාධිපති කළ දැනුම් දීම හේතුවෙනි.  

1979
ජුලි 04 වැනි දින දිනමිණ වාර්තා කරන ලද්දේ දේවගැතිවරයා දිගටම රිමාන්ඩ්’’ යනුවෙනි.  

ඒ අනුව රසල් ඉන්ග්‍රම්ගේ මරණ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින මැතිව් පීරිස් දේවගැතිවරයා යළිත් වරක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස්ලි අබේසේකර මහතාට ඉදිරිපත් කෙරිණි. මහෙස්ත්‍රාත්වරයා විසින් එසේ තීන්දුව දීමට හේතු වී ඇත්තේ නඩු විභාගය අවසන් වනතුරු දේවගැතිවරයා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට, නඩුව මෙහෙය වීමට රජයේ නීතිපතිවරයා විසින් විශේෂයෙන් පත්කර ඇති රජයේ නීතිඥ ඇම්.ඇම්. සුහයිර් මහතා කළ ඉල්ලීමට අනුවය.   

දිනමිණ වාර්තාකර තිබුණේ අලුතින් ක්‍රියාත්මක වන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ විධිවිධාන යටතේ මෙම නඩු විභාගය අවසන් වනතුරු දේවගැතිවරයා රිමාන්ඩ් භාරයේ තබන ලෙස හා දෙසතියකට වරක් උසාවියට ඔහු ඉදිරිපත් කිරීම අනවශ්‍ය බවට නීතිඥවරයා කළ ඉල්ලීමය.  

මේ ආකාරයට උසාවි කටයුතු සිදුවෙද්දී 1979 ජුලි 20 සිකුරාදා දිනමිණ තවත් අලුත් පුවතක් වාර්තා කළේය. එනම් ඒ ඩැල්රින් ඉන්ග්‍රම් මහත්මිය ද අත්අඩංගුවට ගත් බවය. 
දෙමටගොඩ පදිංචි ඩැල්රින්ගෙ ඥාතියෙකුගේ නිවසේ සිටිය දී ඇයට අත්අඩංගුවට ගෙන ඇති අතර මසකම අධික කාලයක් අබිරහස් මරණය පිළිබඳ ප්‍රශ්න කරමින් අපරාධ විමර්ශන ඒකකයේ විශේෂ පොලිස් කණ්ඩායම ඇගෙන් කට උත්තර සඳහන් කරගෙන ඇත.  

මෙම නඩුව අවසන් වනතුරු ඩැල්රින් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.බී. ඇල්ලේපොළ මහතා නියෝග කළේය.   

1980
මාර්තු 19 වැනි දින නීතිපතිවරයා විසින් නඩු ගොනු කරනු ලැබීය. දණ්ඩනීති සංග්‍රහයේ අංක 102 සහ 296 වගන්තිවලට අනුව මරණයක් සිදු කිරීමට සැලසුම් කිරීම, මරණය සිදු කිරීම සහ ඊට අනුබලදීම යන චෝදනා යටතේ ඔවුන්ට නඩුව පැවරිණ. මින් පොලිස් විමර්ශන අවසන් විය.  

කොළඹ අපරාධ විමර්ශන අංශයේ පොලිස් අධිකාරි ටිරල් ගුණතිලක, සහකාර​ පොලිස් අධිකාරිවරුන් වූ හේමා වීරසිංහ, ගාමිණී වීරසිංහ, පොලිස් පරීක්ෂකවරුන් වන මැල්කම් කෲෂ්, ටෙරන්ස් පෙරේරා, සී.සී. සෙල්වරත්නම්, ලැම්බට් පෙරේරා, හිලර් ඕර්ලොෆ්, උප පොලිස් පරීක්ෂකවරුන් වන ඇන්ටන් ප්‍රනාන්දු, ජේ.එස්. ජයතිලක යන පොලිස් කණ්ඩායම මැතිව් පීරිස් දේවගැතිතුමා සහ ඩැල්රින් ඉන්ග්‍රම් නීතියට හසුකරගන්නා තෙක්ම අපමණ වෙහෙසක් දරා පොලිස් පරීක්ෂණ හා විමර්ශන කටයුතු සිදු කළහ. 
මෙම අභිරහස් මරණ පිළිබඳ නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයක් ලෙස පවත්වාගෙන ගිය අතර එය ඉදිරිපිට පවත්වාගෙන යාම සඳහා ට්‍රයල් ඇට්බාර් අධිකරණයට භාර කෙරිණ.   

නඩුව විභාග කෙරුණේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් යටතේය. එහි මහාධිකරණ විනිසුරු තිස්ස බණ්ඩාරනායක විය. අන් සාමාජිකයන් වූයේ කුරුණෑගල මහාධිකරණ විනිසුරු රාමනාදන් මහතා සහ ගම්පහ මහාධිකරණයේ විනිසුරු වික්‍රමසේකර මහතාය.  

1983
වසරේ මාර්තු මස ආරම්භ වූ නඩු විභාගය 1983 දෙසැම්බර් දක්වා පැවතියේය.  

එය අවසාන වූයේ මරණ දෙකක් සිදුකරණ පුද්ගලයන්ට හිමිවන මරණීය දණ්ඩනය චූදිතයන්ට දීමට තීරණය කිරීමෙනි.   

එහෙත් එවකට සිටි විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ බලතල අනුව එම දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් බවට පරිවර්තනය කෙරිණ.  

මේ අතර වාරයේ නඩු තීන්දුව වෙනස්කර ගැනීම සඳහා අභියාචනයක් ඉදිරිපත් කෙරිණ. එහිදී අභියාචනාධිකරණය විසින් මහාධිකරණය මැතිව් පීරිස් සඳහා දුන් නඩු තීන්දුව වෙනස් නොකළ අතර ඩැල්රින් ඉන්ග්‍රම් පමණක් මරණ දණ්ඩනයෙන් නිදහස් කළේය.  

මෙම නඩු තීන්දුව වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව ලබාදුන් නඩු තීන්දුවක් විය. 



සටහන - කුමාරි හේරත්  
රසල් ඉන්ග්‍රම්ගේ අසනීපය සොයා ගත් වෛද්‍යවරයා කියන කතාව
By කතෘ මණ්ඩලය // 2018 දෙසැ 22 වන සෙනසුරාදා  Facebook  Twitter  Google+
බැලුවෝ - 980

එදා රට හෙල්ලූ මැතිව් පීරිස් දේවගැතිවරයාගේ කතාව-

Description: http://static.lankadeepa.lk/assets/uploads/image_3b2920eb05.jpg

පසුගිය සතියේ ලිපියෙන් ඉයුනිස් මහත්මියගේ මරණය සිදු වූ ආකාරය සහ ඉන් තහවුරු වූ වෛද්‍ය විද්‍යාත්මක කරුණු පිළිබඳ හෙළි කළෙමු.
 
ඉයුනිස් මහත්මියගේ සහ රසල් ඉන්ග්‍රම්ගේ මරණයේ සැකය මුලින්ම ඇති වූයේ ඇයට සහ ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍ය මහාචාර්ය මොහාන් ද සිල්වා මහතාට සහ වෛද්‍ය රාජා ද සිල්වා මහතාටය. ​ෙමාහාන් ද සිල්වා මහතා අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාය. හැත්තෑවේ දශකයේ අග සිදු වූ මෙම සිදුවී​ෙම් මතකය වෙත ඔහු සමග අපි පියමනිමු.   

මට මතක හැටියට එද‌ා අඟහරුවාද‌ා දවසක්. මොකද අඟහරුවාද‌ාට තමයි අපේ ක්ලිනික් තියෙන්නේ. ශල්‍ය වෛද්‍ය වාට්ටුවේ සර්ජිකල් මේල්වෝඩ් එකේ මහාචාර්ය නවරත්නගේ ඉන්ටර්නල් හවුස් මෆිසර් විදියටයි මම කටයුතු කළේ. මගේ කෝ හවුස් ඔෆිසර් හිටියේ ඩොක්ටර් බන්දුල විජේසිරිවර්ධන. අනිත් කෝ හවුස් ඔෆිසර් හිටියේ දොස්තර උපාලි බානගල. මමයි බන්දුලයි තමයි 18 වාට්ටුවේ කටයුතු කළේ. ක්ලිනික් දවසට එක ඉන්ටර්නල් කෙනෙක් වාට්ටුවේ ඉන්නවා. අනිත් එක්කෙනා ක්ලිනික් එකට යනවා. ඒ අනුව එද‌ා මම තමයි වාට්ටුවේ හිටියේ.   

එද‌ා මම වාට්ටුවේ ඉද්දී රෝගියෙක් ගෙනාවා. එයා ඉදිරිපත් කරලා තිබුණේ දොස්තර ෂෙරීෆ්ඩීන්ට. එයා එවලා තිබුණේ කායික රෝග විශේෂඥ වෛද්‍ය නාගරත්නම්. 
ට්‍රොලියක දමා එවපු රෝගියාගේ ඇඳ ඉහපතේ මේ වගේ දෙයක් සටහන් කර තිබුණේ,   

මේ රෝගියාට ඉන්සියුලින්නෝමා කියලා අනුමත කරනවා. එය බලන්න. රසල් නමැති මේ රෝගියා වාට්ටුවට ගෙන එන විට ෆාදර් සහ රසල්ගේ බිරිඳත් පැමිණියා. රසල්ට සිහිය තිබුණේ නෑ. රෝගියාගේ විස්තර කියන්නේ ෆාදර් මැතිව් පීරිස්. ඩොක්ටර් භාර ගත්තට පස්සේ රෝගියා බලන්න ඕන මමනේ. ඒ නිසා මම තමයි ටිකට් එක ලියන්න ඕන. 
මමත් සර්ජරිවලට කැමැත්ත දක්වපු කෙනෙක්. ඉන්සියුලින්නෝමා කියන්නේ කලාතුරකින් අහන්න ලැබෙන රෝගී තත්ත්වයක්. සීමා වාසික වෛද්‍යවරු වුණ අපට මෙය හරිම වැදගත් මාතෘකාවක්. මම ෆාදර් කියන කතාව අහගෙන හිටියා.   

Description: http://static.lankadeepa.lk/assets/uploads/image_7aa807bbd9.jpg
වෛද්‍ය විද්‍යාවේ ළමයිට දෙයක් පැහැදිළි කිරීම හඳුන්වන්නේ හිස්ට්‍රි ටේකින් කියලා. මට තාම මතකයි එද‌ා ෆාදර් හරිම ලස්සනට රෝගියාගේ රෝග විස්තරය කිව්වා. එය අහගෙන ඉන්න කෙනෙකුට මෙය නම් ඉන්සියුලින්නෝමා තත්ත්වයයි කියන තරමට ඒත්තු ගැන්වීමක් එම කතාවේ තිබුණා.
 
මට මතකයි ෆාදර්ගේ සමහර විස්තර කිරීම්. රසල් එළියේ කොරිඩෝ එකේ වාඩි​ වෙලා හිටියා. එක පාරටම ෆාදර් ෆාදර් කිව්වා. මම දුවගෙන ගියා. ඔහුව වෙව්ලනවා වගේ දැක්කා. ටිකක් කලන්තේ තිබුණා. මම අත අල්ලලා බැලුවා. වේගයෙන් නාඩි වැටෙනවා.   

ෆාදර්ගෙ කතාවෙන් අපට ඉන්සියුලින්නෝමා රෝගියෙකු මවා පෙන්නුවා. එහෙම කියන්න හේතුව හයිෆෝ ග්ලයිෂියෝමා රෝගියෙක් ග්ලුකෝස් අඩුවීම නිසා සිහිමද ගතියට පත් වීම සිදු විය හැකි නිසා ඊට පස්සේ අැඩ්ඩ්‍රිනලීන් කියන හෝමෝනය ශ්‍රාවය වී ද‌ාඩිය ද‌ාන්න පටන් ගන්නවා.   

ඒ වගේම නාඩි වැටෙන වේගයත් අක්‍රමවත් වෙනවා. මෙය ලේවල සීනි සාන්ද්‍රණය අඩු වීමේ වෛද්‍ය විද්‍යාත්මක පැතිකඩක්.   

ෆාදර් එය කතාව කියන ගමන් එයා ඒකට කරපු ප්‍රතිකාරත් කියන්න ගත්තා.   

මම ටක් ගාලා දුවලා ගිහින් තේ එකක් හදලා එයට සීනි ද‌ාලා රසල්ට පෙව්වා. ටික වේලාවකින් රසල් සාමාන්‍ය තත්ත්වයට පත් වුණා. 
​ෙම් කතාවලින් ඔහු උත්සහ කළා රසල්ට හයි​ෙ​ෆා් ග්ලයිසීමියා තත්ත්වයක් ඇති බව පෙන්වීමට.   

සාමාන්‍ය පුද්ගලයෙකුට මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නෑ. එහෙම වෙන්න නම් එක්කෝ ඉන්සියුලින් වැඩිපුර ගන්න ඕන. නැත්නම් හයි​ෆෝ ග්ලයිසීමික් පෙති ගොඩාක් අරගෙන එයට සීනි අරගන්නේ නැතිව ඉන්න ඕන. එවැනි වාතාවරණයකදී පමණක් හයිෆෝ ග්ලයිසීමියා තත්ත්වයක් ඇති විය හැක්කේ.   

රසල් කියන්නේ ඉන්සියුලින් ගන්න කෙනෙක් නොවෙයි. හයිෆෝ ග්ලයිසීමික් පෙති ගන්න කෙනෙකුත් නෙවෙයි. සෙල්ලන් කරන තරුණ ජවයක් ඇති පුද්ගලයෙක් එක පාරටම ඔය වගේ තත්ත්වයක් එනවා කියන්නේ එතන එය හයිෆෝ ග්ලයිසීමියා ගැටලුවක් විය හැකියි. ඒ කතාව එහෙමයි. ෆාදර් ඔය කතාව කිව්වට පස්සේ මම බ්ලඩ් ෂුගර් අරගෙන බැලුවා. ඒ වෙලාවේ ෂුගර් හොඳටම අඩු වෙලා තිබුණේ. ඊට පස්සේ අපි ඖෂධ පටන් ගත්තා. ඒත් රසල් කවද‌ාවත් යථා තත්ත්වයට පත් වූයේ නෑ.   

​ෙම් කාලය තුළ ෆාදර් හැම රැයකම ආවා. රසල්ට දෙන්න කිරි ගෙනාවා. නහයට බටයක් ද‌ාලා තමයි ඒවා ලබා දුන්නේ. අපි කවද‌ාවත් කිරිවල වෙන මොනවත් අැති කියලා සැක කරේ නෑ. විශේෂයෙන් ඒ කාල​ෙය් ප්‍රසිද්ධ වෙච්ච ෆාදර් කෙනෙක් එයා. කොහොම හරි රසල් අන්ත්‍රා වුණා. අපිට අවශ්‍ය වුණා ඇත්තටම රසල්ට ඉන්සියුලින්නෝමා එකක් තියනවද කියලා දැන ගන්න.   

ඊට පෙර මම ඉන්සියුලෝමා පිළිබඳ පොඩි විස්තරයක් කරන්නම්.   

අපේ සිරුරේ අග්න්‍යාසය කියලා ඉන්ද්‍රියක් තියෙනවනේ. (පැන්ක්‍රිස්) මේ අග්න්‍යාසයේ පොඩි ගෙඩි එනවා. ඒවා පිළිකාම නෙවෙයි. පිළිකා හෝ වෙනත් ගැටිත්තක් විය හැකියි. හැබැයි දෙකම අස්වාභාවිකයි. කැන්සර් එකක් නම් අපට එයට කාසි නෝමා කියනවා. නිකම් ගෙඩියක් නම් එය ඇඩිනෝමා කියනවා. සාමාන්‍යයෙන් ඉන්සියුලින්නෝමා එකක් දකින්න වෙන්නේ මිලියනයකින් කෙනෙකුට. එහෙම එක්ක ආවොත් ඉන් සියයට 90ක්ම පිළිකා නොවෙයි.   

​ෙම් ඉන්සියුලින්නෝමා එකෙන් තියෙන බලපෑම මේකයි. අපි කන කෑම දිරවන්න අවශ්‍ය දියර හදන යන්ත්‍රය තමයි අග්න්‍යාසය. එහි තිබෙන එන්සයිම නාළ දිගේ ඇවිත් කුඩා බඩවැලට වැටෙනවා.   

කෑම කෑවම කෑමත් වැටෙනවා. මේවාට අමතරව අග්න්‍යාසයේ හෝමෝනත් හදනවා. එන්සයිමයි හෝමෝනයි අතර වෙනස මේකයි.   

එන්සයිම නාළ දිගේ වෙන තැනකට එනවා. ​හෝමෝනය එතනම හදලා එතනින් ලේවලට ද‌ානවා. උද‌ාහරණයට කිව්වොත් තෙල් කෑම කෑවම මේදය දිරවන ලයිෆේස් කියන එන්සයිමය අග්න්‍යාසයේ හැදෙන්නේ. ආමාෂයට එන තෙල් කුඩා බඩවැලේ පළවෙනි කොටසට ආවම පණිවිඩයක් එනවා. අග්න්‍යාසයට ඔන්න තෙල් එනවා කියලා. එතකොට අග්න්‍යාසයෙන් ලයිපේස් කියන එන්සයිමය මුද‌ා හරිනවා.   

ලයිපේස් අග්න්‍යාසයේදී අක්‍රීයයි. නාළවලට දැමීමට පස්සේ එක පැත්තකින් කෑම එනවා. අනිත් පැත්තෙන් ලයිපේස් එනවා. කුඩා බඩවැලේ මුල් කොටසේ ග්‍රහණිය කියන කොටසට අක්‍රියව ඇතුළු වන ලයිපේස් සක්‍රීය වෙනවා. ඒ ආකාරයටයි කෑම දිරවන්නේ. 

​ෙම් අතරේ අග්න්‍යාසයේ ජූස් හදන ෆැක්ට්‍රි එකේ හෝමෝන තියෙනවා.   

​ෙහ්මෝනවලත් ක්‍රියාකාරී ද්‍රවයක් හදනවා. හැබැයි ඒවාට ගමන් කරන්න නාළ නෑ. ඒ නිසා ඒවා කෙලින්ම ලේවලට ද‌ානවා. ඉන්සියුලින් කියන්නේ අන්න එහෙම එකක්. අග්න්‍යාසය කියන ග්‍රන්ථියට ඔළුවක්, ශරීරයක්, බෙල්ලක් සහ වල්ගයක් තිබෙනවා. ඉන්සියුලින් ගෙන යන සෛල වැඩිපුර තිබෙන්නේ වල්ගයේ සහ බොඩි එකේ. එතකොට ඔය ඉන්සියුලින් බෙද‌ා හරින සෛල ඇති වන තත්ත්වයක් තමයි ඉන්සියුලින්නෝමා කියලා කියන්නේ.   

මේ තත්ත්වයේ වෙනස මේකයි, අපි කෑම කෑවම ආහාරවල තිබෙන කාබෝහයිඩ්‍රේට් සීනි බවට පත් කරනවා. සීනි කුඩා බඩවැලෙන් අවශෝෂණය කර ගන්නවා. එතකොට රුධිරයේ සීනි ප්‍රමාණ්‍ය වැඩි වෙනවා. 

ඒ වැඩි වෙන සීනි ලේවලට තල්ලු කරන කෙනා තමයි ඉන්සියුලින්. වැඩිපුර කෑවොත් වැඩිපුර ඉන්සියුලින් ලබා දෙනවා. අඩුවෙන් කෑවොත් ඒ අනුව ඉන්සියුලින් ලබා දීම සිදු කරනවා. ඉන් ශරීරය සමබර වෙනවා.   

හැබැයි ඇඩිනෝමා එකක් ආවොත් එයාට ඕන විදියට තමයි ඉන්සියුලින් නිකුත් කරන්නේ. කෑවත් නොකෑවත් ඉන්සියුලින් ලබා දෙනවා.   

කෑම නොකා ඉන්න කොට සීනි අඩුවෙනවා. ඒත් සමගම ඉන්සියුලිනුත් අඩුවෙනවා. හැබැයි ඉන්සියුලින්නෝමා තියෙන කෙනෙක් නම් මේ ක්‍රමවේදය සිදු වන්නේ නැහැ. 
එය නිතරම ඉන්සියුලින් නිකුත් කරනවා. හොඳට කාලා බීලා නිරෝගීව ඉන්න පුද්ගලයෙක් එක පාරටම අර වගේ තත්ත්වයකට පත් වෙනවා කියන්නේ එයාගේ සාමාන්‍ය රුධිරගත සීනි ප්‍රමාණය ගොඩක් වෙනස් වෙලා කියන එකයි.   

මෙවැනි තත්ත්වයකදී හිතන්නේ එයා රෝගී වෙන්න වෙන හේතුවක් ඇති කියලා. කවුරුවත් හිතන්නේ නෑනේ මෙයාට බෙහෙත් දෙනවා කියලා.   

Description: http://static.lankadeepa.lk/assets/uploads/image_822a3f668b.jpg
සමහර විට ඉන්සියුලින්නෝමා තත්ත්වයකදී අපි සීනි දුන්නොත් බ්ලඩ් ෂුගර් වැඩි වෙනවා. එතකොට අරයා එක පාරට ගොඩක් ඉන්සියුලින් ද‌ාන්න පුළුවන්. එතකොට ඉන්සියුලින් ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම බ්ලඩ් ෂුගර් ගොඩක් පල්ලෙහාට බහිනවා.   

මේ සිදුවීමයි ෆාදර් මැතිව් අපිට මවා දැක්කුවේ. මේ තත්ත්වය පිළිබඳ ඒ කාලයේත් ෆාදර් ගොඩක් අධ්‍යයනය කරලා තියෙනවා. 
දැන්නම් ඉන්සියුලින්නෝමා රෝගියකු හමු වුණොත් එය සී.ටී. ස්කෑන්වලන් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ශල්‍යකර්මවලින් අයින් කරලා ද‌ානවා. එ්ත් එද‌ා එවැනි තත්ත්වයක් තිබුණේ නෑ.   

අපි රුධිර පරික්ෂාවෙනුයි බොහෝ දේ සොයා ගත්තේ. 

රසල්ගේ කතාවට ඉන්සියුලින්නෝමා කියන තත්ත්වය එකතු වුණේ මෙහෙමයි. ඩොක්ටර් නාගරත්නම්ට මේ රෝගියා පෙන්නනකොට ෆාදර් ලියුමකුත් පෙන්නලා තිබෙනවා. එය දී තිබුණේ ඩොක්ටර් අර්නි පීරිස් කියන සීනියර් ෆිෂිසියන් කෙනෙක්. අපි ඉන්ටර්නල් කාලයේ ඩොක්ටර් අර්නි පීරිස් විශ්‍රාම ගිහින් හිටියේ. එයාලගේ වෛද්‍යවරයා පිළිබඳ අපේ දැඩි විශ්වාසයක් තිබුණා.   

එ් ඩොක්ටර්ගේ ලිපියේ තිබුණේ රසල්ට ඉන්සියුලින්නෝමා කියලා සැක කරනව කියන එක. හේතුව ෆාදර් රෝගියාගේ රෝග නිධානය පිළිබඳ කියන කතාව. එයින් ඔහු ලස්සනට ඉන්සියුලින්නෝමා රෝගියෙක් මවා පෙන්නුවා.   

ඒ නිසයි අර්නි පීරිස්ගෙ ලිපියේ එවැනි දෙයක් සඳහන් කළේ. එම ලිපියේ ග්ලුකෝස් ටොලරන්ට් ටෙස්ට් එක කරන්න කියලා ලියලා තිබුණා. එම ටෙස්ට් එකෙන් ඉන්සියුලෝමා තත්ත්වයන් හඳුනා ගන්න පුළුවන්.   

​ෙම් අනුව ෆාදර් රසල්ව කොළඹ ග්ලාස් හවුස් එකට අරගෙන ගිහින් ග්ලූ​කෝස් ටෙස්ට් එක කරනවා.   

මේ ලියුමත් අරගෙන ඒ දවස්වල ලොකු ප්‍රසිද්ධියක් උසුලපු ඇන්ග්ලිකන් ෆාදර් කෙනෙක් වාට්ටුවට ආපුවම කවුරුවත් අවිශ්වාස කරන්නේ නෑනේ.

​ෙම් වගේ හේතු නිසයි රසල්ගේ ​රෝග තත්ත්වය පිළිබඳව සැක සංකා හිතුණේ. කෝ​ම කෝම හරි රසල් මිය ගියා. අවසානයේ ඩොක්ටර් සෙරිෆ්ඩීන් රසල්ගේ මරණ පරීක්ෂණය සිදු කළා.   

එහිදී ඒ විෂයන්වලට විශේෂඥ වෛද්‍යවරු ගිහින් උදරය විවෘත කරලා පැන්ක්‍රීස් එක අරගෙන බලනවා ඉන්සියුලෝමා එකක් තියෙනවද කියලා. මෙයට කියන්නේ, පැතලොජිකල් පෝස් මෝටම් කියලා. අනිත් මරණ පරීක්ෂණය කරන්නේ හදිසි මරණ පරීක්ෂකයි.   

රසල්ගේ මරණයේදී අපට තවත් ප්‍රශ්නයක් ඇති වුණා. එක පාර්ශ්වයක් ෆාදර් සහ රසල්ගේ බිරිඳ, අනික් පිරිස රසල්ගේ නෑදෑයෝ. එතැනදි අපට තේරුණා මොකක් හරි ප්‍රශ්නයක් ඇති බව.   

​ෙම් නිසා පෝස්මෝටම් එක ගැන ගැටලුවක් ඇති වුණා. හැබැයි එතකොටත් අපි පෝස්මෝටම් එක කරලා ඉවරයි. හේතුව, ඔහු මාසයක් පමණ රෝහල්ගතව ඉඳල නැති වුණු නිසයි.   

​ෙම් වෙලාවේ තවත් කිව යුතු දෙයක් තියෙනවා. අග්න්‍යාසයේ ඉන්සියුලින්නෝමා එකක් නොතිබුණ නිසා රසල්ට ඉන්සියුලින්නෝමා එකක් තිබුණේ නෑ කියන්ඩත් බෑ. හේතුව ශරීරයේ වෙනත් තැනක එය පිහිටීමේ සියයට 10ක ප්‍රතිශතයක් තියෙනවා. අද මේ පිළිබඳ සෙවීමට හොඳ තාක්ෂණික උපකරණ තිබුණත් 1979 දී තත්ත්වය ඊට වෙනස්. 
කොහොම හරි ඒ අවස්ථාවෙන් පස්සේ ඔය කතාව යට ගියා. ඔය කතාව ආයෙත් මතුව ඇවේ මැතිව් පීරිස්ගේ බිරිඳ අසනීප වීමෙන් පසුවයි.   

රෝගී වී 18 වාට්ටුවට ඇතුළත් කළ රසල් ඉන්ග්‍රම් අවසන් සුසුම් හෙළුෑ මොහොත දක්වා එවකට මහ රෝහලේ 18 වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරයකු වූ මහාචාර්ය මොහාන් ද සිල්වා ලැබූ අත්දැකීම් එසේය.   

එ කාලසීමාව තුළ එම රෝහලේ සේවය කළ නවක හෙදියක වූ අද වන විට විශ්‍රාම ලත් හෙද සොහොයුරිය ඩබ්ලිව්.අයි. ලියනආරච්චි මහත්මියගේ අත්දැකීම් මෙසේය. 
රසල් ඉන්ග්‍රම් උස, තරබාරු නැති සාමාන්‍ය සිරුරක් තිබුණ කෙනෙක්. ඔහු වරින් වර අපේ රෝහලට ඇතුල් කළා. ප්‍රතිකාරවලින් පසු කෝමා තත්ත්වයෙන් මිදිලා ඔහුගේ කටයුතු කර ගත්තා. ඒ වගේම නැගිටලා ඉන්න පුළුවන් වුණ ගමන් එයා අපේ අවසර නැතිව එයා නැවතිලා හිටපු පල්ලියට ගිහින් එන අවස්ථා තිබුණා. මම එහෙම කිව්වේ සමහර දවස්වල අපි උදේ ඩියුටි එන කොට එයා මඟදි මුණ ගැහිලා තිබෙන නිසයි.   

මීළඟට ඩැල්රින් ඉන්ග්‍රම් ගැන කතා කළොත්, රසල් කෝමා තත්ත්වයෙන් ඉන්න අවස්ථාවල තමයි ඇය ​ෆාදර් සමග රෝහලට එන්නේ. එයාට ළමයි හිටියා කියලා දන්නවා. ඒත් රෝහලේ දී කවද‌ාවත්ම ළමයි සමග පැමිණ සිටිනවා දැකලා නෑ.   

රසල්ගේ රුධිරයේ සීනි පරික්ෂාව සිදු කළ හැම අවස්ථාවකම සීනි අඩුවීමකුයි දක්නට ලැබුණේ. රෝහලට ගේන කොට කල්පනාව වෙනස් වෙලා කෝමා තත්ත්වයේ ඉන්නේ. ප්‍රතිකාර අවසන් වුණහම නැගිටලා යනවා.   

අවසන් වතාවට ගේන කොට ඔහුට හොඳටම අමාරුයි. සිහිය තිබුණේ නෑ. ඔහු රෝහලට ඇතුළත් කළ හැම වතාවකම ෆාදර් ආවා. අවසන් වතාවේ ඩීප් කෝමා තත්ත්වයකයි රසල් හිටියේ. ඔහුගේ බ්ලඩ් ෂුගර් නිල් කියලයි වෛද්‍ය වාර්තාවල සඳහන් වුණේ. 

වෛද්‍ය අනුමැතිය අනුව ඔහුට දිය යුතු ඖෂධ දුන්නා. මට මතක විදියට ඔහුට කල්පනා ශක්තිය තිබුණෙත් නෑ. ඔහු ළඟ වරින් වර පල්ලියේ සිටි පිරිමි කෙනෙක් නතර වී සිටියා. හුඟාක් අමාරු වුණ දවසෙයි අපි දැන ගත්තේ මෙයා රෝහල ළඟම තිබෙන පල්ලියේ හිටියේ කියලා.   

අනිත්ම අවස්ථාවල අපි රෝහලෙන් ආහාර ලබා දුන්නා. එසේ කළත් ෆාදර් එයාට දිය යුතු ආහාර රැගෙන ආවා. හොඳම ආහාර වේලක්ම එයා විශේෂයෙන් හද‌ා ගත්තා කියලයි ගේන්නේ. ඒ ආහාර දීලා ඉවර වෙනකම්ම එයා ළඟින් උන්නා.   

එයා නිතරම කිව්වේ රෝහලේ දෙන ආහාරවලට වඩා එයා ගෙනෙන ආහාර පිරිසිදු සෞඛ්‍ය සම්පන්න බව. අපි කවද‌ාවත් එයාව සැක කළේ නෑ.   

Description: http://static.lankadeepa.lk/assets/uploads/image_4e9b56cfbc.jpg
ඩැල්රින් ඉන්ග්‍රම් පැහැපත් පෙනුමැති කාන්තාවක්. වැඩිය කලබලයක් සහිත කෙනෙක් නෙවෙයි. අපි එයාවත් සැක කරේ නෑ. ඇය ෆාදර් සමග එනවා. වයස පරතරය සහ මැතිව් පීරිස් ෆාදර් කෙනෙක් වීම නිසා එහෙම සැකයක් උපදවා ගත්තෙත් නෑ. රසල් අසල සිටි පුද්ගලයාගෙන් තමයි මේ අය දේව ගැති නිවසේ සිටින බවත් ඔවුන්ට දරුවන් සිටින බවත් දැන ගත්තේ.   

අපිට අදහස් වුණේ ඔහු ළඟ සිටින මේ පුද්ගලයාට ඔහු ළෙන්ගතු කමින් සලකනවා කියලා. ඒත් සමහර අය ෆාදර් සහ ඩැල්රින් යන එන ආකාරය පිළිබඳ විවිධ කතා කියනවා ඇහිලි තිබෙනවා. ෆාදර් මැතිව් පීරිස්ගේ බිරිඳත් මිය ගියාට පස්සේ සිද්ධි පෙළගැහුණු ආකාරය සහ තොරතුරු අනාවරණය වීමත් සමගයි අපටත් පෙර සිදුවීම් පිළිබඳ සිතිවිලි ඇති වුණේ. 
රසල් ඉන්ග්‍රම් මිය ගිය දවසේ බෙඩ් එකේ ඩියුටි හිටියේ මමයි. වෛද්‍ය උපාලි බානගල සර් තමයි සර්ජන් හිටියේ. මම ඩොක්ටර්ට රසල් නැති වුණ බව දැන්නුවා. ළඟ හිටපු පුද්ගලයා ෆාදර්ට පණිවිඩය දැක්වුවා. ඊට පස්සේ දෙන්නම වාට්ටුවට ආවා.   

රසල් පාන්දර 4 යි ගාණකට නැති වුණේ. අපි පැය 2ක් මිනිය වෝඩ් එකේ තියා ගන්නවා. ඊට පස්සේ මගේ සේවා මුරය අවසන් වුණා. මම ඩියුටි ඕෆ් වෙලා ගියා. පස්සේ දැන ගන්න ලැබුණා. මිනිය ලබා ගැනිීෙම්දී දේවගැතිවරයා සහ ඉන්ග්‍රම් බිරිය එක පැත්තකත්, රසල්ගේ පියා තව පැත්තකත් සිට මිනිය ඉල්ලූ බව. කොහොම හරි දේවගැතිවරයා තමයි මිනිය ලබා ගෙන අවසන් කටයුතු සිදු කර තිබුණේ.   

1978
ජූලි 18, 18 වාට්ටුවට ඇතුළත් කළ රසල් අගෝස්තු 10 මිය ගියේය. ඔහුගේ මරණ පරීක්ෂණය වෛද්‍යවරුන් අතින් සිදු විය. එහිදී ඔහුගේ අග්න්‍යාසයේ ගෙඩියක් නොමැති බව තහවුරු වූවේය.   

ජවසම්පන්නව සිටි රසල් රෝගාතුරවීමත්, ෆාදර් මැතිව් පීරිස්ගේ සහ ඩැල්රින්ගේ හැසිරීම පිළිබඳ වූ සැක සංකා සහ රසල් ඉන්සියුලින්නෝමා තත්ත්වයකට පත්ව නොසිටීම යන කාරණා මත රසල්ගේ ඥ‌ාතීහු අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් අවශ්‍ය බව පැවසූහ. ඒ සඳහා මරද‌ාන පොලිසියට ද පැමිණිලි කළහ. ඒ වෙනුවෙන් පරීක්ෂණ අරඹන ලද්දේ එවකට සේවයේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු වූ ආබ්දීන් මහතාය. ඒත් ඒ ඉල්ලිම නිෂ්ප්‍රභා විය. හේතුව ඒ වන විටත් මරණ පරීක්ෂණය සිදු කර තිබීමය.   

ඉන් පසු ඇලෙක්ස් ඉන්ග්‍රම් නම් වූ රසල්ගේ පියා අවසන් කටයුතු සඳහා සිය පුතණුවන්ගේ දේහය ඉල්ලා සිටියේය.   

එහෙත් රසල්ගේ මෘත දේහය නීතියෙන් අයිති වූයේ ඩැල්රින්ටය. ඇය වෙනුවෙන් අවමංගල්‍ය කටයුතු සංවිධානය කරන ලද්දේ ෆාදර් මැතිව් පිරීස්ය. ඔහුගේ අවශ්‍යතාව අනුව අවමංගල්‍ය සියලු කටයුතු සූද‌ානම් කළ අතර, අගෝස්තු 12 වැනි දින බොරැල්ල කනත්තේ ඇන්ග්ලිකන් සභාවට අයත් භූමියේ රසල් ඉන්ග්‍රම්ගේ අවසාන කටයුතු සිදු කෙරිණ. 
කාලයත් සමග රසල්ගේ මරණයේ සැක සංකා යටපත්ව ගිය ද මැතිව් පීරිස් මහත්මියගේ මිය යාමත් සමග යළි පරණ කතා අලුත් වූවේය.   

එ් අනුව ඉයුනිස් පීරිස් මහත්මියගේ මරණින් පසු පොලිස් පරීක්ෂණ ඇරඹුණු අතර, එය අධිකරණ ක්‍රියාවලියක් දක්වා වර්ධනය වූවේය.   

මීළඟ ලිපියෙන් මරණීය දණ්ඩනය නම් වූ මැතිව් පීරිස්ගේ ජීවිතයේ සැඟවුණු පැතිකඩ හෙළිදරව් කරමු.   



සටහන කුමාරි හේරත්   
කුමන්ත්‍රණය හෙළිදරව් කළ වෛද්‍යවරයා කියන කතාව
By කතෘ මණ්ඩලය // 2018 දෙසැ 15 වන සෙනසුරාදා  Facebook  Twitter  Google+
බැලුවෝ - 2380

එද‌ා රට හෙල්ලූ මැතිව් පීරිස් දේවගැතිවරයාගේ කතාව-2
Description: http://static.lankadeepa.lk/assets/uploads/image_22075f18f0.jpg

පසුගිය ලිපියෙන් මැතිව් පීරිස් මහතාගේ ජීවිත කතාව ගෙනහැර දැක්වූවෙමු. ඔහුගේ හා ඉන්ග්‍රම් මහත්මියගේ අසම්මත ප්‍රේමය නිසා පවුල් දෙකක මරණ දෙකක් සිදුවූවේය. ඒවා සොබාවික මරණ ලෙස ඒත්තු ගැන්වීමට කටයුතු කළත් වෛද්‍යවරුන්ගේ ඇති තීක්ෂණ බුද්ධිය නිසා මිනීමැරුම් පිළිබඳ තොරතුරු අනාවරණය විය.   

මැතිව් පීරිස් මහතා විසින් සැලසුම් කළ මිනීමරු කුමන්ත්‍රණයේ ඉයුනිස් මහත්මියගේ රෝගී තත්ත්වය පිළිබඳ සැක සංකා මතුවූයේ එවකට ජාතික රෝහලේ සේවය කළ වෛද්‍ය ටෙරන්ස් ගාමිණී ද සිල්වා මහතාටය.   

එම සැකය තවදුරටත් සනාථ වූවේ ඔහු එවකට ජාතික රෝහ​ෙල් සේවය කළ වෛද්‍ය මිතුරෙකු වූ මහාචාර්ය මොහාන් ද සිල්වා සමඟ කළ සාකච්ඡාවෙන් පසුය. 
 
ඒ අනුව ඉයුනිස් මැතිනියගේ රෝගි තත්ත්වයන් පිළිබඳ සුපරික්ෂාකාරී වූ ඔවුහු අවසානයේ ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කළහ. ඇගේ මරණින් පසු වෛද්‍ය වාර්තා හා වෙනත් බාහිර සාධක ඔස්සේ මිනීමරුවන් අල්ලා ගැනීම සිදුවිය.   

එද‌ා රෝගාතුර වී රෝහල් ගත කළ ඉයුනිස් මහත්මිය සම්බන්ධයෙන් උසාවියට සාක්ෂි ඉදිරිපත් කළ වෛද්‍ය ටෙරන්ස් මහතාගේ ඒ සම්බන්ධ වූ අත්දැකීම් මෙසේය. 
මම 1979 වසරේ කොළඹ ජාතික රෝහලේ සීමාවාසික පුහුණුවේ නිරත වෙලා හිටියේ. මමයි ඩොක්ට පින්ටුයි 49 සහ 47 වාට්ටු ​බැලුවා. 1979 ජනවාරි 31 දිනයේ මම 49 වාට්ටුවේ රෝගීන්ගේ ටිකට් කපමින් හිටියේ. 12.30 ට විතර අපේ වෛද්‍යවරු දිවා ආහාරයට යනවා. ඒ වෙලාවේ වෛද්‍ය පින්ටුත් දිවා ආහාරය සඳහා ගිහින් හිටියේ. මට 47 වාට්ටුවෙන් කෝල් එකක් ආවා වාට්ටුවට හදිසි ලෙඩෙක් ගෙනාවා කියලා.මම 47 ට ගියා. හරියටම වෙලාව දවල් 12.30 යි.   

කාන්තාවක් රෝහලට ඇතුළත් කර තිබුණේ. ඇය සිහිනැතිවයි සිටියේ. ඇයත් සමඟ මැතිව් පීරිස් සිටියා. තවත් ෆාදර් කෙනෙක් හිටියා. ඒ ෆාදර් අඬනවා. මම පස්සේ දැන ගත්තේ ඔහු රෝගියාගේ සොහොයුරෙක් බව. ඔහු අපිත් එක්ක කතා කළේ නෑ. මැතිව් පීරිස් කිව්වා මේ මගේ බිරිඳ කියලා.   

මම ඔහුගෙන් ඇහුවා කොච්චර වෙලා සිහිනැතිව හිටිය ද කියලා. ඒ අහපු ප්‍රශ්නෙට මැතිව් පීරිස් පිළිතුරු දුන්නේ මේ ආකාරයටයි.   

ඉස්සරින් දවසේ හවස 6 ට විතර එයාට ටිකක් ගොත ගැහෙන්න පටන්ගත්තා. ඊට පස්සේ ක්‍රමයෙන් සිහිමද වෙලා, සිහි නැතිවෙලා ගියා’   

 
මම මැතිව් පීරිස්ගේ කතාව අහගෙන හිටියා. මේ රෝගියා වාට්ටුවට ඇතුළත් කරන කොට දවල් 12.30 යි. මම කල්පනා කළා රෝගියාට සිහි නැතිවෙලා පැය 18 ක් විතර වෙනවා නේද කියලා. ඒ වෙලාවේ මැතිව් පීරිස් ගෙනාපු වෛද්‍ය වාර්තා පෙන්නුවා. එයා කිව්වා එයාගේ බිරිඳට වරින්වර කෑම කාලා පැය 2 න් 3 න් වගේ සිහි නැතිව යනවා කියලා. ඒත් සමඟම කතාව ගොත වෙනවා කිව්වා.   

ඊට පස්සේ ක්‍රමයෙන් සිහි නැතිවෙනවා කිව්වා. එයා කතන්දරේ කියපු හැටියට එයාගේ බිරිඳ ආහාර ගත් පසු ඉන්සියුලින් නිපදවෙනවා.   

 
ඒත් අපි දන්නවා සාමාන්‍ය පුද්ගලයෙකුගේ ශරීරයේ ඉන්සියුලින් නිපදවන්නේ අවශ්‍ය ප්‍රමාණයට විතරයි. ඒ වැඩිවෙන සීනි ප්‍රමාණය වළක්වා ගැනීම සඳහා.   

ඒ වගේම අපි දන්නවා ඉන්සියුලින් පැන්ග්‍රටික් ටියුමා කියලා රෝග තත්ත්වයක් තියෙනවා කියලා. එහිදී සිදුවන්නේ පැන්ක්‍රේස් කියන ග්‍රන්ථියේ ගැටිත්තක් වගේ දෙයක් ආවොත් ආහාරයට පොඩ්ඩක් සීනි ගත්තත් පැය දෙකකින් තුනකින් ගොඩක් සීනි නිපදවෙලා ආපසු ශරීරයේ සීනි මට්ටම බැසීමයි. හැබැයි මේ රෝග තත්ත්වය පොදු තත්ත්වයක් නෙවෙයි. 
 
මේ රෝගය පිළිබඳ දැනගෙන හිටියත් ඒ වනතුරු එහෙම රෝගියෙක් මට මුණගැහිලා තිබුණේ නෑ. මේක මට අලුත් අත්දැකීමක් වුණා.   

 
මැතිව් පීරිස් නිතරම කියපු කෑම කාලා ටික වෙලාවකින් කතාව ගොතවෙලා සිහිනැතිව යනවා.කියපු තත්ත්වය අස්වාභාවිකයි කියලා හිතුණා. හේතුව මෙය අපි දැකපු නැති දෙයක් නිසා.   

 
ඊට පස්සේ මම ඉක්මනින් රෝගියාගේ ප්‍රෙෂර් එක බැලුවා. ප්‍රෙෂර් එකත් ගොඩක් බැහැලා තිබුණේ. තවද සිහිනැතිකමක් තිබුණා. එහෙම කීමට හේතුව සාමාන්‍යයෙන් රෝගියෙකුගේ පපුව තෙරපන කොට අතක් හරි හොලවනවා. එහෙම තත්ත්වයක්වත් ඇයට තිබුණේ නෑ.   

 
මම කළේ ඇය පරික්ෂා කරලා ඉක්මනින්ම ඔක්සිජන් සැපයීම. ඒ වගේම ඇද ඉහළ කොටස උස්සලා ඉක්මනටම සේලයින් එකක් ස්ටාර්ට් කරන්න උපදෙස් දුන්නා. ග්ලුකෝස් පරික්ෂණය සිදුකිරීමට අවශ්‍ය බවත් පැවසුවා.   

 
අද වගේ ඒ කාලයේ ක්ෂණිකව ග්ලූකෝස් පරික්ෂාව කරන්න පුළුවන්කමක් තිබුණේ නෑ. 1979 වසරේ ඒ පරික්ෂණය කරලා පැය තුනකින් හතරකින් තමයි වෛද්‍ය වාර්තා ලබාගත හැකි වූයේ.   

ඒ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් තමයි අපිට ප්‍රතිකාර කිරීමට සිදුවූයේ. රෝගියා සම්බන්ධ කතන්දරය තියෙන්නේ ග්ලූකෝස්වලට සම්බන්ධවනේ. සීනි නැතිකමක කතාවකුයි කියවෙන්නේ. ඒ පසුබිම මත මම ඇහුවා රෝගියා බෙහෙත් මොනවා හරි ගන්නව ද කියලා. ඒ වෙලාවේ මැතිව් පීරිස් කිව්වා මානසික අවපාතයට අද‌ාළ බෙහෙත් වගයක් ගන්නවා කියලා. ඒ එක්කම මම ඇහුවා දියවැඩියා පෙති අරගෙන තියෙනවද කියලා. ඔහු නෑ කිව්වා. ඇයට දියවැඩියාව නොතිබුණ බව පැවසුවා. ඒ වගේම ප්‍රෙෂර් තිබුණේ නෑ කිව්වා. 
මේ රෝගියාගේ රෝග තත්ත්වය පොඩ්ඩක් අමුතු බව තේරුණා. මෙය සාමාන්‍ය ලෙඩක් නොවන බව මට හැඟුණා. මම අනුමාන කළා මොකක් හෝ සීනි අඩුවන ක්‍රියාවලියක් සිදුවන බව.   

 
ඒ අනුව මම ඉක්මනට ග්ලූකෝස් එන්නත් කළා. ඒ වගේම ඒ දවස්වල ප්‍රෙෂර් එක පාලනය කරන්න දෙන හයිඩ්‍රොකොටිසෝන් කියන බෙහෙතත් ලබාදුන්නා. ඒ වගේම ග්ලුකෝස් සේලයින් එකකුත් ආරම්භ කළා. 

 
මැතිව් පීරිස් මේ දිහා බලාගෙන හිටියා. ඔහු මගෙන් ඇහුවා රෝගියාට ග්ලූකෝස් ද ලබා දෙන්නේ කියලා. මම ඔව් කිව්වා.   

 ‘
ඔහු එ් වෙලාවේ ඔයා දෙනවා නම් ග්ලුකෝස් දෙන්න. හැබැයි ලෙඩාට ග්ලුකෝස් හොඳ නෑකියලා කිව්වා. ඒ වගේම ග්ලුකෝස් දුන්නම රෝගය තවත් වැඩිවෙනවා කිව්වා. 
මැතිව් පීරිස් මට කියන්නේ පැන්ග්‍රටික් ටියුමා එකට සමාන කතාවක්. මට ඒ කතාවත් සමග පොඩි බයක් ඇතිවුණා. එකක් මම සීමාවාසික පුහුණුව ලබන කෙනෙක්. අනිත් එක ග්ලුකෝස් දෙනකොට රෝගියාට අමාරු වෙනවා කිව්වා. ඒත් මම දෙන්නේ ග්ලුකෝස්.   

ඒ වෙලාවේ ඉන්සියුලින් පැන්ග්‍රටික් ටියුමා එකට ඉන්සියුලින් දෙන්නෙ නැද්ද දන්නේ නෑ කියලා මට ප්‍රශ්නයක් මතුවුණා. ඒ වගේම මට සැකයක් මතුවුණා ඇයි මේ රෝගියා පැය 18 ක් යනකන් ගෙන ආවේ නැත්තේ කියලා. ඊට පස්සේ මම මැතිව් පීරිස්ගෙන් ඇහුවා ඇයි මෙච්චර වෙලා රෝගියා නිවසේ තියාගත්තේකියලා. ඒ වෙලාවේ ඔහු කිව්වේ ඇම්බියුලන්ස් එකක් හෙව්වා, ඒත් හම්බවුණේ නෑ කියලා. ඔහුගේ ගෙදර තිබිලා තියෙන්නේ රෝහලට ළඟමයි. ලෙඩාව රෝහලට උස්සගෙන උනත් අරගෙන එන්න පුළුවන් ඔහුගේ නිවසේ ඉඳලා. එද‌ා මම ඒ පිළිබඳ දැනගෙන හිටියේ නෑ.   

රෝගියා පැය 18 ක් නිවසේ තබාගෙන තිබෙනවා. ග්ලුකෝස් ලබා දුන්නම රෝගය වැඩිවෙනවා කියනවා. සීනි අඩුවුණාම ග්ලුකෝස් දිය යුතු බවයි මම දන්නේ. ලෙඩාව පරික්ෂා කරලා මම ග්ලුකෝස් ලබාදුන්නා. මොළයට ස්ථීර ලෙසම හානි සිදුවුණාම ග්ලුකෝස් ක්‍රියාකරන්නේ නෑ කියලා මම දන්නවා. ඒත් මැතිව් පීරිස්ගේ කතාවත් සමඟ මම ගැටලුවකට මැදිවුණා.   

Description: http://static.lankadeepa.lk/assets/uploads/image_c26628df65.jpg
ලෙඩාට සිහිය එන්නේ නැත්තේ මැතිව් පීරිස් කියන විදියට ග්ලුකෝස් ලබා දුන්න නිසාද? නැත්නම් ලෙඩාගේ මොළයේ ස්නායුවලට තදබල ලෙස හානි වෙලාද කියන ප්‍රශ්න මතුවුණා.   

 
ඒත් මම ආයෙත් ග්ලුකෝස් ලබාදීමට කටයුතු කළා. ඒත් මැතිව් පීරිස් එයට කැමැති වුණේ නෑ. ග්ලුකෝස් රෝගියාට නුසුදුසු බව යළිත් ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ මම ටිකක් බයවුණා.   

 
ඊට පස්සේ මම එයාට කිව්වා කන්සල්ටන්ට කතා කරන්නම් කියලා. ඒ වෙලාවේ එයා ඇහුවා කන්සල්ටන් එන්නේ කීයට ද කියලා. ඒ වගේම හදිසියේ එයාට කතා කිරීමට අවශ්‍ය නැති බව පැවසුවා.   

මම එයාට කිව්වා එද්දී 2.30 විතර වෙනවා. ඒ නිසා වේලාසන කතාකරන්නම් කියලා. ඒත් එයා කිව්​ෙව් කන්සල්ටන් දෙක හමාරට බලපුවාම ඇති කියලා.   

 
මට මේ සිදුවීමේ අමුත්තක් දැනුණා. ඒ නිසා මම කන්සල්ටන්ට කතා කරන්න තීරණය කළා. එද‌ා අපේ ටෙලිෆෝන් ලයින්වල ප්‍රශ්නයක් වී තිබුණා. එහෙම වුණාම අපි එක්ස්චේන්ජ් එකට ගිහිල්ලා කෝල් ගන්නේ. එතනත් කෝල් ගන්න පෝලිම. එක පහුවෙලා තිබුණේ. කොහොමත් ඩොක්ටර් වෝර්ඩ් එකට 2 ට එනවා. මම කෑමට ගිහිල්ලත් එන්න ඕනෑ. ඒ නිසා මම එතන හිටපු ඩොක්ටර්ස්ලගෙන් ඇහුවා පැන්ග්‍රටික් ටියුමා එකට ග්ලුකෝස් දීම නුසුදුසුද කියලා. එයාලා කිව්වා ග්ලුකෝස් දුන්නට කමක් නෑ කියලා. මම කිව්වා ග්ලුකෝස් දුන්නා සිහිය ආවේ නෑ කියලා. හේතුව ග්ලුකෝස් දීපුවාම විනාඩියක්වත් යන්නේ නෑ සිහිය එනවා.   

මේක ලොකු ප්‍රශ්නයක්. මම කල්පනා කර කරම ක්වාටස් එකට ගියා. දිවා ආහාරත් ඉවරවෙලා තිබුණේ. මම පොඩ්ඩක් වෙලා එතන නතර වුණා. එහිදී මට වෛද්‍ය මොහාන්ව මුණ ගැහුණා. (එයා දැන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති). එද‌ා එයා මගෙන් ඇහුවා ඇයි කන්න එන්න පරක්කු වුණේ කියලා. මම කිව්වා රෝහලේ ඇතිවෙච්ච ප්‍රශ්නය. මම රෝගියාගේ විස්තර සටහන් කරලා තිබුණේ. ඒ පිළිබඳව විස්තර ටිකක් ඩොක්ටර් මොහාන් එක්ක පැවසුවා.   

ඊට පස්​ෙස් ඩොක්ටර් මොහාන් මගෙන් සිද්ධිය මොකක්ද කියලා ඇහුවා. මම ඔහුට කිව්වා ලෙඩා කෑම කාලා පැය 2 ක් විතර සිහිනැතිව යනවා. මීට කලිනුත් සීනි අඩුවෙලා ඩර්ඩන්ස් රෝහලේ නතර කරලා තිබෙනවා. සීනි ලබා දීලා සනීපවෙලත් තිබෙනවා කියලා. ඒ වෙලාවේ එයා කිව්වා පැන්ග්‍රටික් ටියුමා එකටත් ග්ලුකෝස් තමයි දෙන්න තියෙන්නේ. වෙන බෙහෙතක් නෑ. ඔය වගේ ලෙඩෙක් අපේ වාට්ටුවෙත් හිටියා කියලා.   

එයා හිටපු කාලේ තමයි රසල් ඉන්ග්‍රම්ව වාට්ටුවට ඇතුළත් කරලා තිබුණේ. එයා කිව්වා ඒ රෝගියාටත් මේ රෝග ලක්ෂණමයි තිබුණේ එයා මැරුණා. අපි මරණ පරික්ෂණ කටයුතු සිදුකළා. එයාට නම් පැන්ග්‍රටික් ටියුමා එකක් තිබුණේ නෑ කියලා. හැබැයි පැන්ග්‍රටික් ටියුමා කියලා තමයි ඒ ගොල්ලෝ අනුමාන කළේ කියලා කිව්වා. ඒ වගේම ඩොක්ටර් මොහාන් කිව්වා හැබැයි එතන නම් ෂුවර් නෑ. පොඩි ආරවුලක් තිබුණා. ඒ පවුලේ. ඒ පුද්ගලයා ෆාදර් කෙනෙක්. ලෙඩාගේ වයිෆ් එක්ක ඔහුට සම්බන්ධයක් තිබුණ බව කියවුණා. අපිට ඒ නිසා පොඩි සැකයක් ඇතිවුණා කිව්වා.   

හැබැයි ඒ අය පොලිසියට කියලා තිබුණේ නෑ ඒ ගැන. ඒ වෙලාවේ මම ඇහුවා එයා මොන වගේ ෆාදර් කෙනෙක්ද? මොනවද විස්තර අපිට ලෙඩාව භාර දුන්නෙත් ෆාදර් කෙනෙක් කියලා. අපි දෙන්නා විස්තර කතා කළාම තේරුණා මේ එක්කෙනාමයි කියලා. 

ඒ වෙලාවේ මට ප්‍රශ්නයක් නැගුණා ඇයි මීට පෙර සිදුවූ මරණය පිළිබඳව කිව්වේ නැත්තේ කියලා. සාමාන්‍යයෙන් එකම විදියේ ලෙඩක් හැදුනාම ඒ පිළිබඳ අද‌ාළ පාර්ශ්ව දන්වනවා. දැන් මට සැක කරන්න කරුණු රාශියක් එකතු වුණා.   

පළවෙනි එක ලෙඩා රෝහල්ගත නොකර දිගු වෙලාවක් නිවසේ තබා ගැනීම. දෙක ග්ලුකෝස් දෙනවට අකමැති වීම. තුන මීට පෙර සිදුවූ මරණය පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය නොකිරීම.   

 
මේ අනුව අපි හිතුවා මේ පිළිබඳව පොලිසියට දැන්විය යුතුයි කියලා. ඒ වෙනකොට අප සතුව සාක්ෂි නොතිබුණ නිසා රෝගයට හේතුව හරියටම කියන්න බෑ. ඒ නිසා අපේ සීමාවේ සිට පොලිසියට දැන්වූවා.   

ඊට පස්සේ ලෙඩා 47 වාට්ටුවේ දින 47 ක් හිටියා. අපි වරින්වර සීනි බැලුවා. සැකය නිසා පිටින් ගේන කිසිම දෙයක් රෝගියාට ලබා දීමට ඉඩ දුන්නේ නෑ. සේලයින් දුන්නා. ග්ලුකෝස් දුන්නා. වාට්ටුවේ සිටි කාලය තුළ හුස්ම ගැනීමේ අපහසුකම් ඇතිවුණා. නිව්මෝනියා තත්ත්වයක් තිබුණා. ඒවාට අපි ප්‍රතිකාර කළා. ඊට පස්සේ කව‌ද‌ාවත් සීනි අඩු වුණේ නෑ. පළමු වාර්තාවේ විතරයි සීනි අඩුවෙලා තිබුණේ. එයා ඒ දවස් ටිකේම ඩීප් කෝමා තත්ත්වයෙන් හිටියේ. අවසානයේ එයා නැතිවුණා.   

එයා සිහිනැතිවම ගෙනාවා. සිහි නැතුවම මැරුණා. රෝගියා සම්බන්ධව අපිට කිවහැකි තොරතුරු පොලිසියට ලබා දුන්නා. ඊට පස්සේ පොලිසියෙන් ඇවිත් මගෙන් කටඋත්තරයක් ලබා ගත්තා. එයට ආවේ මරද‌ාන පොලිසියේ ඉන්ස්පෙක්ටර් කෘෘස්.   

 
මැතිව් පීරිස්ගේ බිරිඳගේ තොරතුරු ලබා දුන්නාට පස්​ෙස් මම රසල් කියන පුද්ගලයාගේ මරණයත් මේ ආකාරයටම සිදුවී ඇති බව පැවසුවා. රෝගියා ඇතුළත් කළ වෙලාවේ ඔහු පිළිබඳව දැනුම් දුන්නේ නැති බවත් පැවසුවාඒ එද‌ා 47 වාට්ටුවේ සේවය කළ වෛද්‍ය ටෙරන්ස්ගේ අත්දැකීම්ය.   

ඔහුගේ අත්දැකීම් එසේ වෙද්දී රෝහලේ තවත් වෛද්‍යවරු පිරිසක් මේ කටයුත්තට මෙසේ ද‌ායක වූවෝය. එනම් 47 වාට්ටුවේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයා වූයේ වෛද්‍ය වික්‍රමසිංහය. ඔහු ඉයුනීස් පීරිස් මහත්මියගේ සීනි මට්ටම 30 දක්වා අඩුවීමට හේතු මොනවාදැයි සොයා බලමින් සිටියේය. විශේෂයෙන්ම රෝගියාගේ සීනි මට්ටම අඩුවීමට ඉන්සියුලින් ඇඩිකෝම රෝගි තත්ත්වය හේතු වූවේද? දියවැඩියා රෝගයට ලබා දෙන පෙති හෝ එන්නත් ශරීර ගත වූවේද යන්න සොයා බලමින් සිටියේය. එවැනි වාතාවරණයකදී වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා ලබා දුන් තොරතුරු රෝගය සැකයක් බවට පත් කළේය. ඒ නිසාම මේ පිළිබඳව පොලිසියට දැනුම් දිය යුතු බවට ටිකට්පතේ ලියා තැබීමට වෛද්‍ය වික්‍රමසිංහ අමතක නොකළේය.   

එවැනි පසුබිමක් රෝහලේ තිබියදී මීට පෙර අවස්ථාවක මානසික ආතතියට ප්‍රතිකර්ම කිරීම පිණිස මැතිව් පීරිස් සිය බිරිඳ පෙන්නූ වෛද්‍ය ලක්ෂ්මන් වීරරත්නයන් ද ඉයුනීස් බැලීමට පැමිණියේය. ඇයව සිහිමුර්ජා තත්ත්වයෙන් රෝහලට ඇතුළත් කළ බව දැනගත් ඔහු විමතියට පත්වූවේය. මන්දයත් ඇයව රෝහල් ගතකිරීමට පැය කීපයකට පෙර වෛද්‍ය වීරසේකර ඇය දුටුවේය. 

එහිදී ද ඇය එතරම් බරපතළ රෝගාබාධයකින් පෙළෙන බව ඔහු නොදුටුවේය. එම නිසා ඉයුනිස් පීරිස්ගේ රෝගාබාධය ගැන ඔහුට ද සැක සංකා ඇතිවූවේය. 
මෙම තොරතුරුත් සමඟ පෙබරවාරි 08 වැනි දින කාන්ති පින්තු වෛද්‍යවරිය ඉයුනිස්ගේ ග්ලුකෝස් ටොලරන්ස් පරික්ෂණය කිරීමට නියම කළාය. එහි අවසාන ප්‍රතිඵලය නිරික්ෂණය කළ ව්‍යාධිවේද විශේෂඥවරයා ඉයුනිස්ට ග්ලුකෝස් උරා ගැනීමේ ශක්තිය සුළු ප්‍රමාණයක් පමණක් ඇති බවත් අග්න්‍යාසයේ ගෙඩියක් නොමැති බවත් තහවුරු කළේය.   

මේ අනුව ඇයට ප්‍රතිකාර කළ ද කිසි විටෙකත් යළි සිහිය නොලැබුණි. ඊට හේතු ලෙස පසුව වෛද්‍යවරුන් හඳුනාගෙන තිබුණේ සිහිමුර්ඡා වී පැය 16 ක් පමණ ගතවනතුරු තබා ගැනීම නිසා ඇයගේ මොළයේ සෛලවලට හානි සිදුවී ඇති බවයි. ඖෂධවලින් කිසිදු ප්‍රගතියක් නොලැබූ ඇයට නිව්මෝනියාව ද වැලඳුණේය. දවසින් දවස ශරීර සෞඛ්‍ය පිරිහුණු ඇය මාර්තු 19 වැනි දින සඳහටම දෙනෙත් පියා ගත්තාය.   

 
ඉයුනිස්ගේ මෘත දේහය පශ්චාත් මරණ පරික්ෂණයට යොමු කිරීම වෛද්‍ය මතය විය. ඒ අනුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි එන් සුබ්‍රමනියම් මරණ පරික්ෂණය සිදුකළේය. එහිදී ඇයගේ සිරුරේ ඇඳ තුවාල දක්නට ලැබුණු බවත් ඇයගේ මොළයේ නහරයක් පුපුරා යාමත් හෝ ලේ කැටියක් දක්නට නොලැබුණු බවත් වෙනත් කිසිදු රෝගයකින් පෙළීමක් දක්නට නොලැබුණු බවත් තහවුරු වූවේය.   

 
මරණ පරික්ෂණයේ අවසන් නිගමනය වූයේ රුධිරයේ සීනි අවසාන්ද්‍රණය වී නැවත යථා තත්ත්වයට පත් නොකළ හැකි සේ මොළයේ ස්නායුවලට හානි සිදුවී ඇති බවය. එසේම අතුරු ආබාධයක් ලෙස නිව්මෝනියාව වැලඳී මරණයට පත්ව ඇති බව තහවුරු කළේය.   

 
ඉයුනිස් පීරිස්ගේ මරණයේ සැක සහිත බව නිසාම පොලිස් පරික්ෂණ ආරම්භ කළේය. ඒ සඳහා වෛද්‍ය සාක්ෂි ලබාගත් අතර රසල්ගේ මරණයේ සැඟවුණු රහස් ද සොයා බැලීමට අවධාරණය කළේය.   

 
ඒ අනුව පොලිසිය යටතේ ඇති අපරාධ විමර්ශන අංශයේ රහස් පොලිසිය, පොලිස් අධිකාරි ටිරල් ගුණතිලක මහතාට එහි වගකීම පැවරුවේය. ඔහුගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි හේමා වීරසිංහ, පොලිස් පරික්ෂක කෲස් ඇතුළු කණ්ඩායම තොරතුරු සෙවීමට සක්‍රිය වූවෝය.   

 
මෙම පිරිස වෛද්‍ය සාක්ෂි සටහන් කරගත් අතර දේවගැතිවරයාගේ නිල නිවස පරික්ෂා කර ශරීරයේ සීනි ප්‍රමාණය අඩු කළ හැකි බෙහෙත් පෙතිද සොයා ගත්තෝය. එසේම රුධිරගත සීනි පාලනය සම්බන්ධ ලියැවුණු පොතක් ද සොයාගත් අතර රසල් සම්බන්ධ ඇති වූ සැකය නිසා මාර්තු 29 වැනි දින පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට ඉල්ලීමක් ගොනු කරන ලදී. ඒ රසල්ගේ මෘත දේහය නැවතත් ගොඩගැනීම සඳහාය. එම ඉල්ලීම සඵල විය. රසල්​ෙග් මිනිය ගොඩගැනුණේය. පරික්ෂණ ඇරඹුණේය. එහෙත් දේවගැතිවරයා උපක්‍රමශීලි වී ඇත. රසල්ගේ මෘත දේහයේ අභ්‍යන්තර අවයව සියල්ල ඉවත්කර තිබුණේය. එය පරික්ෂණ කටයුතුවලට බාධාවක් විය.   

 
ඉන්පසු අප්‍රේල් 04 වැනි දින විශේෂ උසාවි නියෝගයක් ගෙන පූජක නිල නිවස පරික්ෂා කළේය. එහිදී අවශ්‍ය සාක්ෂි ලබාගත් පොලිසිය ඩැල්රින් කෙරෙහිද අවධානය යොමු කළේය. ඇයගේ ගමන් බිමන් හා දේවගැතිවරයා හමුවීම් පිළිබඳ සොයා බැලුවේය. ඔවුන් පසුපස ලුහුබැඳ ගිය පොලිසියට ඔවුන්ගේ රහසිගත ජීවිතය අනාවරණය කරගත හැකි විය. ඒ අනුව පොලිස් අධිකාරි ටිරල් ගුණතිලක විසින් පිටු 1000 ක වාර්තාවක් සකසා එය පොලිස්පති ආනා සෙනවිරත්නට යොමු කළේය.   

 
එසේම මේ පිළිබඳ අධික්ෂණය කළ පොලිස් කොමසාරිස් වාමදේවන් මෙතෙක් ලැබී ඇති තොරතුරු අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් බව දැනුම් දුන්නේය.   

ඒ අනුව මැතිව් පීරිස් දේවගැතිවරයා අත්අඩංගුවට ගත් අතර 1979 මැයි 28 වැනි දින ඩැල්රින් ඉන්ග්‍රම්වද ප්‍රශ්න කිරීම සඳහා අපරාධ විමර්ශන අංශයට රැගෙන ආවාය. අවසානයේ ඇයවද අත්අඩංගුවට ගත් අතර දණ්ඩ නීති සංග්‍රහයේ අංක 102 සහ 296 සඳහන් වැරදි සිදුකිරීමට අද‌‌ාළව නීතිපතිවරයා විසින් නඩුව ගොනුකරනු ලැබීය.   

 
එහිදී මරණයක් සිදුකිරීමට සැලසුම් කිරීම, මරණය සිදුකිරීම හා ඊට අනුබලදීම යන චෝදනා යටතේ නඩුව පැවරිණ.   

අවසානයේ පොලිස් විමර්ශන අවසන් වූ අතර නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයක් ලෙස පැවැත්වූවේය. මෙම නඩු විභාගය විශේෂ අධිකරණයක් යටතේ සිදුවූ අතර, එය ත්‍රිපුද්ගල විනිශ්චය සභාවකින් යුක්ත විය. එහි සභාපති වූයේ කොළඹ මහ අධිකරණ විනිසුරු තිස්ස බණ්ඩාරනායක මහතාය. 1983 මාර්තු 14 වැනි දින නඩු විභාගය ආරම්භ වූ අතර 1983 දෙසැම්බර් 06 වැනි දින නඩු විභාගය අවසාන විය. මාස 9 ක් පුරා පැවතුණු නඩුවේදී අනාවරණය වූ ඝාතන කුමන්ත්‍රණයේ තතු මීළඟ ලිපියේ සටහන් කරමු.   


 
මතු සම්බන්ධයි.   



 සටහන කුමාරි හේරත්  
අනියම් පෙම රැකගන්න මැතිව් පීරිස් මිනී මැරුවේ මෙහෙමයි
By කතෘ මණ්ඩලය // 2018 දෙසැ 08 වන සෙනසුරාදා  Facebook  Twitter  Google+
බැලුවෝ - 1961

එදා රට හෙල්ලූ මැතිව් පීරිස් දේවගැතිවරයාගේ කතාව
Description: http://static.lankadeepa.lk/assets/uploads/image_81a1caf995.jpg

දවස 1979 වසරේ ජනවාරි 31 ය. ස්ථානය කොළඹ මහ රෝහලය. එදින අංක 47 දරන වාට්ටුවට ඇතුළත් කෙරුණේ අසාධ්‍ය තත්ත්වයේ පසු වූ සිහිසුන්ව ගිය ඉයුනිස් ලොයිස් පීරිස් නම් වූ කාන්තාවක්ය. ඇය කොළඹ කින්සි පාරේ ශාන්ත පාවුළු දේවස්ථානයේ හිටපු දේවගැතිවරයා වූ මැතිව් පීරිස්ගේ ආදරණීය බිරිඳ වූවාය.   

මුහුණපුරා රැවුල වවාගෙන සුදු ලෝගුවකින් සැරසී සිටි දේවගැතිවරයා වෛද්‍යවරුන් සමග වැඩි විස්තරයක් නොකියාම රෝහලෙන් පිටව ගියේය. වාට්ටුවේ සිටි වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කළේය. ඇයගේ රුධිර ගත සීනි සාන්ද්‍රණය පහළ මට්ටමක පැවතියේය. වහාම ක්‍රියාත්මක වූ වෛද්‍යවරයා ඩෙක්ස්ට්‍රෝස් සේලයින් හා මුසු කොට එන්නත් කළේය. එ් රුධිර ගත සීනි මට්ටම ඉහළ නැංවීම සඳහාය.   

නිසි ප්‍රතිකාර සිදු වුවද රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දිනම අසතුටුදායක වූවාය. ප්‍රතිකාර කරද්දී එසේ වෙන්නේ කුමක් නිසා දැයි වෛද්‍යවරු උභතෝකෝටියකට මැදි වූහ. 
ඇගේ රෝග විනිශ්චයේදී ඇයට දියවැඩියා තත්ත්වයක් ඇති බව පවසා තිබුණද වෛද්‍ය වාර්තාවලින් එවැන්නක් දෘෂ්‍යමාන නොවූවාය. 
​ෙකසේ වුවද දරුවන් තිදෙනෙකුගේ මවක් වූ ඉයුනිස් පීරිස් මහත්මිය මාර්තු 19 වැනි දින අවසන් සුසුම් හෙළුවාය.   

ඇයගේ මරණින් පසු එය දරුවන්ගේ වෙන් වීම නිසා ඇති වූ මානසික බිඳ වැටීම හේතුවෙන් සිදු වූවක් බව පෙන්වීමට දේවගැතිවරයා උත්සහ දැරුවේය.   

දේවස්ථානයේ පසුබිම එසේ වෙද්දී ඉයුනිස් මහත්මියට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගේ පසුබිම ඊට වෙනස් වූවේය. එනම් දිනක් ඔහු ඔහුගේ මිතුරු වෛද්‍යවරයෙකු සමග තේ පානය කරමින් සිටියදී ඉයුනිස් මහත්මියගේ රෝගී තත්ත්වය පිළිබඳව කතා කළේය.   

ඔහුගේ කතාව සාවදානව අසා සිටි මිතුරු වෛද්‍යවරයාට ඉයුනිස් මැතිනියගේ රෝගී තත්ත්වයට සමාන රෝගී තත්ත්වයක් පෙන්නුම් කළ තවත් රෝගියෙකු පිළිබඳ මතකයට ආවේය. ඒ මතකයන් ඔස්සේ මාස ගාණක් එපිට කතාවක් මතු වෙන්නට විය. එහිදී අනාවරණය වූයේ රසල් ඉන්ග්‍රම් නම් වූ තරුණයාද රෝහලට බාර දුන්නේ මැතිව් පීරිස් දේවගැතිවරයාම බවය. එසේම එම තරුණයා මිය යන ලද්දේ ද ඉයුනිස් මහත්මිය මිය ගිය රෝගී තත්ත්වයන්ට ලක් වීමෙන්ය. 

වෛද්‍යවරුන් දෙදෙනාගේ සාකච්ඡාවෙන් පසු මරණයන් පිළිබඳව ඇති වූයේ සැකයකි. ඒ නිසාම ඉයුනිස් මහත්මියගේ මරණය සැක සහිත බවට මරදාන පොලිසියට පැමිණිල්ලක් කළෝය. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය වෛද්‍යවරු සහ අධිකරණය ඉයුනිස් මහත්මියගේත් රසල් ඉන්ග්‍රම් නම් කඩවසම් තරුණ මහතාගේත් අභිරහස් මරණවල සුල මුල සෙවීම ආරම්භ කළහ. 
එසේ අනාවරණය කර ගත් තොරතුරු අනුව මැතිව් ඩැල්රින් ආදර කතාව හා රසල් ඉයුනිස්ගේ භයානක අවසානය රටට හෙළිදරව් විය.   

මොරටුවේ උපන් මැතිව් ෆෙඩ්‍රික් ​ජෝර්ජ් පීරිස් සහෝදර සහෝදරියන් හය දෙනකුගෙන් යුතු පවුලේ වැඩිමලා විය. දෙවැනි ලෝක යුද සමයේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නිරත වූ මැතිව්ට කිසිදු විටෙක පූජකවරයෙක් වීමේ සිහිනයක් නොතිබුණේය. 1944 වසරේ ෆිලිෂියා ලුවිස් ඉයුනිස් මෙන්ඩිස් මෙනවිය සමග විවාහ වෙන මැතිව් දරුවන් සිව් දෙනෙකුගේ පියෙකු විය. ඉන් එක් දරුවෙකු රෝගී වී මිය ගියේය. දරුවන් හා බිරිඳ සමග යහපත් ජීවිතයක් ගත කළ මැතිව් 1950 වසරේදී රෝගාතුර වූවේය.   

අංශභාග තත්ත්වයක් සහිතව සති හයක් රෝහලේ ප්‍රතිකාර ගත් මැතිව් නොසිතූ ආකාරයට සුව වූවේය. ඥාතීන් සියලු දෙනා මැතිව්ගේ මොළ ගැටිත්තක් ඇති නිසා මෙසේ රෝගාතුර වෙන්නට ඇතැයි සිතුවෝය. එහෙත් වෛද්‍ය ප්‍රතිකාරවලින් සුව වූ මැතිව් පවසා සිටියේ වෙනස්ම කතාවකි.
 
මාව සුවපත් කළේ දෙවියන් වහන්සේ බව මගේ කැපකරු මව පවසා සිටියා. ඒ නිසා මා ලද ජිවිතය මම දෙවියන් වෙනුවෙන් කැප කරනවා.’   

එසේ පැවසූ මැතිව් සිය බිරිඳටත් ඒ පිළිබඳව කරුණු අවධාරණය කර සිටියේය.   

ඒ අනුව පළමුව ඉන්දියාව බලා පිටත් වූ මැතිව් එහි ටික කලක් ගත කළේය. එහිදී කිසි දිනක කොණ්ඩය හෝ රැවුල නොකපන බවට ඔහුටම පෙරොන්දු දුන්නේය. 
1951
වසරේදී ලන්ඩන් නුවර බලා පිටත් වූ ඔහු පළමුව ගොස් ලින්කන්හි බිෂොප්වරයා හමු වූවේය. බිෂොප්වරයා සමග සාකච්ඡා කළ මැතිව් සිය අරමුණ දන්වා සිටියේය. බිෂොප්වරයාගෙන් ඊට අනුමැතිය ලැබුණු අතර ටික කාලයක් එහි සිටීමට මැතිව්ට අවස්ථාව ලබා දුන්නේය. 1954 වසරේදී කේන්ටර්බර් අගරදගුරුතුමා අතින් එංගලන්ත සභාවට අයත් පූජක පදවියක් ලබා ගත්තේය. ටික කලක් එංගලන්තයේ සිටි ඔහු ආපසු ලංකාව බලා ආවේය. ඉන්පසු මරණයට පත් කරන්නට නියම වූ සිරකරුවන්ට අවසාන යාඥා පැවැත්වීම, දේව බලයෙන් රෝගීන් සුව කිරීම ආදී කටයුතුවල යෙදුණේය.   

මේ නිසාම ඔහු සමාජයේ ප්‍රබල පුද්ගලයෙකු බවට පත්විය. ඔහුගේ පසුබිම එසේ වෙද්දී ඩැල්රින්ගේ පසුබිම මෙසේ විය. එනම් මේ වකවානුව වෙනවිට රසල් ඉන්ග්‍රම්ට රැකියාව අහිමි වී තිබුණේය. ඒ නිසාම ඔහුට ඩැල්රින් සහ දරුවන් සමග දුෂ්කර ජීවිතයක් ගත කරන්නට සිදු විය. ඩැල්රින්ගේ සහෝදරිය දැඩි ආගමික බැතිමතියක් වූවාය. ඒ නිසාම ඇය ආර්ථිකයෙන් පීඩා විඳි ඉන්ග්‍රම් යුවළට මානසික සහනයක් හෝ ලබා දීමේ අරමුණින් බොරැල්ල කින්සි පාරේ පිහිටි ශාන්ත පාවුළු දේවස්ථානයට කැඳවාගෙන ගියාය. මේ ආකාරයට දින කීපයක් දේව මෙහෙයට සහභාගී වූ ඉන්ග්‍රම් යුවළ මැතිව් පිරීස් දේවගැතිතුමාගේ අවධානයටද යොමු විය. ඩැල්රින්ගේ සහෝදරියගේ මාර්ගයෙන් දේවගැතිතුමා හඳුනා ගත් ඉන්ග්‍රම් යුවළට දේවගැතිතුමාගේ අනුකම්පාව ද හිමි වූයේය. විශේෂයෙන්ම රසල්ට රැකියාවක් සොයා දීමේ වගකීම ඔහු භාර ගත්තේය. ඩැල්රින් සහ රසල් යුවළ නිතර නිතර දේවස්ථානයට පැමිණි අතර සුරූපී ඩැල්රින් දේවස්ථානයේ කටයුතු භක්තියෙන් යුතුව ඉටු කළාය. දරුවන් ලැබුණු මවක් වුවද ලාබාල යුවතියකගේ පෙනුම ගත් ඩැල්රින් කෙරෙහි මැතිව් පීරිස් දේවගැතිතුමාගේ අවධානය යොමු වූවේය.   

Description: http://static.lankadeepa.lk/assets/uploads/image_8d83cdea26.jpg


ඇගේ සුරූපී ගැහැනු ලාලිත්‍ය දෙස නෙත රැඳ වූ ඔහු වැඩි වෙලාවක් ඇය තමා අසල රඳවා ගන්නේ කෙසේ දැයි සිතුවේය. ඒ අනුව ඇයට දේවගැතිවරයාගේ පෞද්ගලික ලේකම් ධුරය ලබා දුන්නේය.   

ඩැල්රින් සහ දේවගැතිවරයා අතර සෙනෙහස දවසින් දවස වර්ධනය වූවේය. එහි ප්‍රතිඵලය වූයේ රසල් සහ ඩැල්රින්ට දේවස්ථානයේම පදිංචි වීමට අවස්ථාව ලබා දීමය. රසල් යනු කඩවසම් දේහදාරි පුද්ගලයකු වූවේය. රැකියාව අහිමි වී සිටි ඔහුට ද පත්තර කන්තෝරුවක රැකියාවක් සොයා දීමට දේවගැතිවරයා කටයුතු කළේය. රසල් රැකියාවට ගියේය. දේවගැතිවරයා සහ ඩැල්රින් අතර වූ අසම්මත පෙම රහසේ ගලා ගියේය.   

දේවගැතිවරයා ඉන් ද තෘප්තිමත් නොවූවේය.   

ඔහුගේ යටි සිත ඉල්ලා සිටියේ කවදාක හෝ ඩැල්රින් තමාගේම කරගැනීමය. ඔහුගේ පාපකාරී සිතුවිල්ල ඉටු කර ගැනීමට ඩැල්රින්ගේ ස්වාමි පුරුෂයා වූ රසල් ඉන්ග්‍රම් හා දේවගැතිවරයාගේ බිරිඳ වූ ඉයුනින් ලොයින් බාධාවක් වූවෝය. එම බාධාව ඉවත් කරන්නේ කෙසේ දැයි මැතිව් නිතර කල්පනා කළේය.   

ඔහු නිතර පොත පත කියවන්නෙක් විය. විශේෂයෙන් රුධිර ගත සීනි පාලනය පිළිබඳ සොයා බලන්නෙක් ද වූවේය. ටික කලක් කල්පනාකාරීව සිටි ඔහු හදිසියේම එංගලන්තයට ගියේය. එහිදී ශරීරයේ සීනි මට්ටම පාලනය කරන (දියවැඩියාව රෝගය සඳහා දෙන) ඉයුග්ලුකෝන් (Euglucon) නම් පෙති මිලදී ගත්තේය. එසේම බොඩි මයින්ඩ් ඇන්ඩ් ෂුගර් (Body Mind and Sugar) නම් වූ පොත ද හොඳින් කියවා එහි තතු නිරීක්ෂණයට ගත්තේය.   

නැවත ලංකාවට පැමිණි ඔහු කවරදාටත් වඩා ප්‍රබෝධයෙන් සහ සුහදශීලීව සිය කටයුතුවල නිරත වූවේය.   

මැතිව් පීරිස් දේවගැතිවරයාගේ ජීවිතය සැහැල්ලු වුවද රසල් ඉන්ග්‍රම්ගේ ජීවිතය සතුටු දායක නොවූවේය. ඔහු දවසින් දවස ශරීර සෞඛ්‍යයෙන් පිරිහුනේය. දැඩි නිදිමත හා අමතක වෙන ස්වභාවය ඔහුව ආක්‍රමණය කර තිබුණේය. බොක්සිං ක්‍රීඩකයකු වූ රසල් මෙවැනි උදාසීන ජීවිතයක් ගත නොකරන්නෙකු බව ඔහුගේ ඥාතීන් සහ මිතුරන් දැන සිටියෝය. රසල්ගේ සෞඛ්‍ය පිරිහීම පිළිබඳ තතු දැන ගත් ඔහුගේ මව්පියන් වූ ඇලෙක්ස් ඉන්ග්‍රම් හා නෝරා ඉන්ග්‍රම් යුවළ දේවස්ථානයට පැමිණියෝය. ඔවුන් පැමිණෙන විටත් රසල් සිටියේ දැඩි නින්දේය. සිය පුතාගේ විලාසය දුටු ඉන්ග්‍රම් යුවළ ශෝක වූහ. ඔවුහු දේවගැතිවරයාට පවසා සිටියේ සිය පුතණුවන් වෛද්‍යවරයෙකුට පෙන්වීම අවශ්‍ය බවය. 
එහෙත් දේවගැතිවරාය ඊට විරුද්ධ විය. ඔහු විවිධ ප්‍රෝඩාකාර දේවල් කියා රසල්ගේ මව්පියන් ද නොමඟ යැව්වේය.   

රසල් දවසින් දවස රෝගී වූවේය. අවසානයේ ඩැල්රින් සහ දේවගැතිවරයා රසල්ව කොළඹ රෝහලට ඇතුළත් කළහ. ඒ වෙන විටත් රසල් හුස්ම ගත්තේ අසීරුවෙනි. 
රසායනාගාර ඉතිහාසයේ පළමු වතාවට රෝගියෙකුගේ රුධිරගත සීනි මට්ටම 0 වී තිබුණේය. රසායනාගාර ශිල්පියා ද ඉන් මවිත විය. ඔහු යළිත් වරක් එම පරීක්ෂණය සිදු කර බැලුවේය. පිළිතුර පෙරසේය.   

අමාරුවෙන් හුස්මගත් රසල් ජීවිතය හා මරණය අතර සටන් වැදුණේය. වෛද්‍යවරු සාමාන්‍ය පරිදි සේලයින් හා මුසු කොට ඩෙක්ස්ට්‍රෝස් රෝගියාට ලබා දුන්නේය. එහෙත් සාර්ථක ප්‍රතිඵල නොලැබුණේය. රසල් සිහිසුන් විය. 

වෛද්‍යවරු අසීරුතාවයට පත් වූහ. පරීක්ෂණ පවත්වමින් ඔහුගේ ජීවිතය රැක දීමට වෙහෙසුණහ. රසල්ට ලබා දුන්නේ දියර ආහාරය. එයද නාසයට දැමූ නළ මාර්ගයෙනි. වෛද්‍යවරු රසල් සුව කිරීමට වෙහෙසෙද්දී මැතිව් පීරිස් දේවගැතිවරයා සහ රසල්ගේ බිරිඳ වූ ඩැල්රින් ද සෑම දිනකම රෝහලට පැමිණියහ. රෝහලෙන් දෙන ආහාරවලට අමතරව ඔවුන් ගෙනෙන ආහාර ද බලෙන් මෙන් ලබා දුන්නේය. රසල්ගේ තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරුණේය. රෝහලේ සයනය මත මහත් සටනක යෙදුණු රසල් ඉන්ග්‍රම් 1978 අගෝස්තු 10 වැනි දින පාන්දර 3.30 ට සදහටම දෙනෙක් පියා ගත්තේය. මරණයට හේතුව මොළයේ සෛලවලට හානි වීම නිසා පෙණහළුවලට නිව්මෝනියාව වැළඳී තිබීම ලෙස සඳහන් විය.   

රසල්ගේ මව්පියෝ ඔහුගේ මෘත දේහය සිය නිවසට ගෙන යාමට ඉල්ලා සිටියහ. එහෙත් ඊට විරෝධය දැක් වූ දේවගැතිවරයා මරණයේ සියලු කටයුතු දේවගැති නිවසේ සිදු කරන බව පැවසුවේය. ඔවුනට දේවගැතිවරයාට විරුද්ධ විය නොහැකි වූවේය.   

රසල්ගේ මරණය සිදු වනවිට ඉයුනිස් මැතිනිය එංගලන්තයට පිටත් කර තිබුණාය. ඇය ආපසු ලංකාවට ආවේ රසල්ගේ මරණයෙන් පසුය.   

නිරෝගී දිවියක් ගත කළ ඉයුනිස් මහත්මිය ද දවසින් දවස රෝගී වන්නට වූවාය. රසල්ගේ මරණයෙන් මාස කීපයකට පසු ඇය ද රෝහල් ගත කිරීමට සිදු විය. ඒ 1979 ජනවාරි 31 දිනදීය. කොළඹ මහ රෝහලේ 47 වාට්ටුවට ඇතුළත් කළ ඇය ද පසු වූයේ සිහිමඳ ගතියෙනි. ඇයගේ ද රුධිරගත සීනි මට්ටම පහළ ගොස් තිබුණාය.   

​ෙම් පිළිිබඳව වෛද්‍යවරු දේවගැතිවරයාගෙන් ප්‍රශ්න කළ විට දී ඔහු පවසා සිටියේ සිය බිරිඳ දියවැඩියා රෝගියෙකු බවය. එසේම සිය දරුවන්ගෙන් වෙන්ව සිටීම නිසා දුකින් පසුවූ බව ද පැවසුවේය.   

ඉයුනිස් මහත්මියට ද වැළඳී තිබුණේ හයි පොග්ලයිසීමියා නම් රෝගී තත්ත්වයයි. වෛද්‍ය ප්‍රතිකාර හමුවේ වුවද දවසින් දවස රෝගී වූ ඇය මාර්තු 19 වැනිදා සදහටම දෙනෙත් පියා ගත්තාය. මිය යනවිට ඇය 59 වියේ පසු වූවාය.   

ඉයුනිස් මැතිනියගේ අසාමාන්‍ය රෝගී තත්ත්තවය පිළිබඳ ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා සිය වෛද්‍ය මිතුරා සමග පැවසුවේය. එහිදී වෛද්‍ය මිතුරා එම අත්දැකීම තමාද පෙර අත්විඳ ඇති බව පැවසුවේය. ඒ කතාව අවසානයේ දේවගැතිවරයා සහ ඔහුගේ බිරිඳත් ඩැල්රින් හා ඔහුගේ ස්වාමිපුරුෂයාත් යන සාධක විශේෂ වූවේය. කතාබහේ අවසානය සැකයකින් නිමා විය. එය අවසන් වූයේ මරණය සැක සහිත බවට පොලිසියට පැමිණිලි කිරීමෙනි.   


මීළඟ ලිපියෙන් මරණ පරීක්ෂණය සහ
අධිකරණ ක්‍රියාමාර්ග 
සටහන : කුමාරි හේරත්   


No comments:

Post a Comment