මැටි ගෙදර අපේ කිරි අමීමා
බිම වැටුණු කිරි දතට
හඩන මගෙ ළපටි හිත
අඹ ගහේ ලේනෙකුට දුන්නා
අහිමි වී ගිය දිනෙක
සිනාසුණ හැකි සිතක්
අතීතයෙ මට ගෙනැත් දුන්නා
මැටි ගෙදර අපේ කිරි අමීමා
රහත් නමකට නොදෙන
කැවුම් මල්ලක් තිබෙන
සිටුවරුන් සිටු ගෙදර උන්නා
මා නමින් ගේ ඉදෙන
කැවුම් අහුරෙන් එකක්
අඬන කෝඳුරුවන්ට දුන්නා
මැටි ගෙදර අපේ කිරි අම්මා
මැටි ගෙදර තිබුණ තැන
ගමක කුසගිනි නිවන
කිරි එරෙන ගහක් වැඩ උන්නා
වෙබ් අඩවියේ තැනෙක
හමුවුනොත් දන්වන්න
මැටි ගෙදර අපේ කිරි අම්මා
දරුවෙක්ට කුඩා කාලයේ සිටම යහපත් සමාජානුයෝජනයක් සිදුවීමට නම් යහපත් ගුණධර්ම ප්‍රගුණ පුහුණු කළ යුතුය. මැටි ගෙදර අපේ කිරි අම්මා එහි ප්‍රතිබිම්භය ලෙස මම දකිමි. මෙම ගීතය පිළිබද ඔබේ අදහස් දක්වන්න.
කුමාරි හේරත්
No comments:
Post a Comment